OBS ගැන දැනගනිමු

August 07, 2021 | Dinithi Thakshila

මෙම මෘදුකාංගය අප හඳුන්වන්නේ open broadcaster software යනුවෙනි. අද වන විට මෙම මෘදුකාංගය ලෝකයේ බොහෝ මිනිසුන් විසින් භාවිතා කරයි. obs studio මෘදුකාංගය අප භාවිතා කරනුයේ video recording, live streaming, screen capture සහ visual mixing වැනි කාර්‍යයන් සඳහාය. මෙම මෘදුකාංගය freeware මෘදුකාංගයක් ලෙස හැඳින්විය හැක. අපට මෙය freeware ලෙස නම් කළ හැකි වන්නේ මෙම මෘදුකාංගය සතු සියලුම features අපට subscription නොගෙවා නොමිලයේ ලබාගත හැකි වන නිසාවෙනි. එමනිසා මෙය opensource program යටතට වැටෙයි. තාක්ෂණය දියුණු වීම්ත් සමග මේ වැනි මෘදුකාංග ලෝකයේ මිනිසුන් අතර ඉතාම සුලභව පරිහරණය වන ආකාරය අපට දක්නට ලැබේ. මෙම මෘදුකාංගය ඕනම system software (Windows, Linux, Mac OS) එකක් තුල භාවිතා කල හැක. Video creators, live streamers සහ gamers හට ඔවුන්ගේ කාර්යයන් කාර්යක්ෂමව කරගැනීමට මෙය ඉතා ප්‍රයෝජනවත් වේ.

මෙම මෘදුකාංගය සතුව විශේෂ ලක්ෂණ රැසක් පවතියි. ඒවාගෙන් කිහිපයක් ලෙස screen capture, video recording, video broadcasting, neat and clean interface, freedom to set hotkeys, ability to manage quality, branding and personalization options, intuitive audio mixer, powerful configuration options, unlimited number scenes, high-level view of your production සහ scope for collaboration හදුනාගත හැකියි. මෙම ලක්ෂණ මොනවාදැයි මීළඟට දැනගමු .


1 Video recording

කාල සීමාවකින් තොරව පැය ගණනක වුවද videos පටිගත කිරීම්ට හැකියාව මෙ මෘදුකාංගය සතුය. මේ සඳහා web cam සහ microphone භාවිතා කල හැක.


2 Video broadcasting

Videos යථා කාලයේ stream කිරීම්ට විකල්පයක් සලසන අතර online broadcasting සඳහා විශේෂ පහසුකම් සලසයි. Facebook, YouTube ආදි විවිධ මාධ්‍යයන් ඔස්සේ සජීවී විකාශය කිරීමට හැකියාව ඇත.


3 screen capture

අපගේ තිරය ග්‍රහණය කරගැනීමට හා එම මොහොතේම stream කිරීම්ට ඉඩ සලසනු ලබයි. තිරයේ දිස්වන හා පෙන්වන කාර්‍යයන් නරඹන්නන් සමඟ හුවමාරු කරගැනීමට ද උදව් වේ. මේ හරහා ක්‍රීඩකයින් හට තමන්ගේ වීක්‍රමාන්විතයන් ලෝකයා සමග බෙදා ගැනීම්ට ද පුළුවනි.


4 Neat and clean interface

මෙහි සරල භාවය multiple settings ලබා දෙන අතර එම්ගින් සජීවී විකාශයේ විවිධ සැකසුම් වෙනස් කිරීමට උපකාරී වේ.


5 Freedom to set hotkeys

ආරම්භය, නැවැත්වීම, සජීවී විකාශය, ශ්‍රව්‍ය ආදාන නිශ්ශබ්ද කිරීම ආදී ක්‍රියාවන් සඳහා Hotkeys සැකසීමට පුළුවනි.


6 Ability to manage quality

ඉහල තත්වයේ අන්තර්ගතය සැකසීම්ට උදව් වන අතර අපට අවශ්‍ය පරිදි රාමු සංඛ්‍යාවක් තෝරා ගැනීමට පුළුවනි.


7 Branding and personalization options

Water mark එකතු නොකරන අතර ඉතාම පහසුවෙන් text සහ logo සජීවී විකාශයන් ට එක් කළ හැක.


8 high level view of your production

එකම මොහොතේද දී විවිධ දර්ශන රාමු අටක් නිරීක්ෂණය කළ හැකි අතර එවා අතර එකිනෙක සංක්‍රමණය කළ හැක. සජීවී විකාශයට පෙර දර්ශනවල සහ සම්පත් වල පෙර දසුන් නැරඹිය හැක.


9 Powerful configuration options

නව සම්පත් එකතු කිරීම්, පවතින වීඩියෝස් අනු පිටපත් කිරීම සහ ඒවායේ ගුණාංග කළමනාකරණය කිරීම.


10 Unlimited number scenes

අපට අවශ්‍ය පරිදි විශාල සංඛ්‍යාවක දර්ශනයන් සැකසිය හැකි අතර ඒවා අත් අතර හුවමාරු කිරීම්ද සිදු කළ හැක.


OBS Studio හී උපරිම ඵල නෙලා ගැනීම සඳහා මෙය cloud hosting කිරීම වඩාත් සුදුසු ය. තමා සතු ඕනෑම device එකකින් (Laptop/Desktop) මෙම මෘදුකාංගය භාවිතා කළ හැකි වීම මෙමගින් ලැබෙන තවත් වාසියකි. Third party plugging, software extensions භාවිතා කිරීමට හැකි වීමත් මෙමගින් හිමි වන තවත් එක් වටිනා පහසුකමකි. මෙම මෘදුකාංගය මගින් ඔබේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස සිදු කර ගැනීමට හැකි වන බව නොඅනුමානය.


සටහන - දිනිති තක්ෂිලා