What is an IP Address?

July 23, 2022 | Indusha Uluwaduge

What is an IP Address?

IP ලිපිනයක් යනුවෙන් අදහස් කරන්නේ සන්නිවේදන මාධ්‍යය ලෙස අන්තර්ජාල ප්‍රොටෝකෝලය භාවිතා කරන ජාලයකට connect කර ඇති සෑම උපාංගයකට ම පවරා ඇති සංඛ්‍යා කිහිපයකින් සැදුම්ලත් සංඛ්‍යා ලැයිස්තුවකි. IP ලිපිනයන් පරිගණකයට අන්තර්ජාලය හරහා දත්ත හුවමාරු කිරීමට ඉඩ සලසයි. මුල් කාලයේ දී ලිපින සංඛ්‍යාත්මක වූ අතර වර්තමානය වන විට භාවිතයත් සමඟ IP ලිපින වල අක්ෂර ද භාවිතා වේ.

කිසියම් උපාංගයක් අපට අවශ්‍ය ආකාරයට ජාලයකට connect වන්නේ නැතිනම් එයට හේතුව සොයා බැලීමට අප අපගේ උපාංගය troubleshooting කරයි. එවිට එය අපට IP ලිපින ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි අවබෝධ කර ගැනීමට උපකාරී වේ. අන්තර්ජාල ප්‍රොටෝකෝලය ලබාදී ඇති මාර්ගෝපදේශ වලට අනුව ජාලයට සම්බන්ධ උපාංග අතර තොරතුරු හුවමාරු කිරීම සිදුකරයි. අන්තර්ජාලයට සම්බන්ධ වූ කිසියම් ජාලයකට අප අපගේ උපාංගය connect කළ විට අපගේ උපාංගයට ද අන්තර්ජාලයට ප්‍රවේශ වීමේ හැකියාව ලැබේ.


උදාහරණයක් ලෙස අප නිවසේදී භාවිතා කරන අපගේ අන්තර්ජාල සේවා සපයන්නා(ISP) ගැන සිතන්න. අප අපගේ smart ජංගම දුරකථනය අපගේ ISPට connect කළ විට අපගේ ජංගම දුරකථනයට ද අන්තර්ජාල ප්‍රවේශය හිමිවේ. ඊට හේතුව වන්නේ අපගේ ISP අන්තර්ජාලයට සම්බන්ධ වූ ජාලයක කොටස්කරුවෙකු වීමයි.


මෙහිදී සිදු වන්නේ අප ISP හා සම්බන්ධ වූ විට ISP විසින් අපගේ උපාංගයට ලිපිනයක් පැවරීමයි. එවිට අපට මෙම IP ලිපිනය හරහා අන්තර්ජාල ප්‍රවේශය ලැබෙන අතර අප අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන ක්‍රියාකාරකම් වලට අදාල ප්‍රතිචාර ISP හරහා නැවත අපට ලබා දෙයි.


IP ලිපිනය සෑමවිටම එකක් නොවේ. එය වෙනස් විය හැකියි. කිසියම් හෝ හේතුවක් නිසා අපගේ උපාංගය ISP හා disconnect වුවහොත් නැවත අප එයට connect වීමේදී අපට ලැබෙන IP ලිපිනය කලින් අප උපාංගය සතුව තිබූ IP ලිපිනය ම නොවිය හැකිය. අපගේ ISP වෙනස් වන විටද මෙම IP ලිපිනය වෙනස් වේ.

IP ලිපින සහ වසම් නාම අතර සම්බන්ධතාවය

අප අංක භාවිතා කිරීමට වඩා නම් භාවිතා කිරීමට කැමතියි. IP ලිපිනයක් යනු 192.124.243.132 වැනි අංක ලැයිස්තුවකි. වසම් නාමයක් හෙවත් domain name එකක් යනු google.com වැනි නාමයකි. IP ලිපිනයක් මතක තබා ගන්නවාට වඩා වසම් නාමයක් මතක තබා ගැනීම පහසුය.


සෑම වෙබ් පිටුවකට ම IP ලිපිනයක් ඇත. නමුත් අප කිසිවිටෙක search engineහි IP ලිපිනයක් type කරන්නේ නැත. මක් නිසාද යත් අන්තර්ජාලයෙ Domain Name Server(DNS) මගින් අප search engineහි වසම් නාමයක් type කළ විට එයට අදාළ IP ලිපිනය බවට පරිවර්තනය කර අපට අදාල වෙබ් පිටුව වෙත යොමු කරයි.

IP ලිපින වර්ග

IP ලිපින විවිධ කාණ්ඩ යටතේ වර්ග කළ හැකිය. ප්‍රධාන වශයෙන් IP ලිපින පුද්ගලික IP ලිපින සහ පොදු IP ලිපින ලෙස වර්ග දෙකක් ඇත. ජාලය තුළ තොරතුරු හුවමාරු කිරීමේදී පුද්ගලික IP ලිපින භාවිතා වන අතර ජාලයෙන් පිටත තොරතුරු හුවමාරු කිරීිමට පොදු IP ලිපින භාවිතා වේ.

  1. පුද්ගලික IP ලිපින (Private IP Addresses)

අන්තර්ජාලයට සම්බන්ධ වන සෑම උපාංගයකට ම පුද්ගලික IP ලිපිනයක් ඇත. ජාලයකට සම්බන්ධ කරන උපාංග වැඩිවත්ම ඒවා එකිනෙක හඳුනා ගැනීමට සෑම උපාංගයකට ම IP ලිපිනයක් පැවරීම් සිදු කරයි. මෙම ලිපිනයට අප පුද්ගලික IP ලිපිනය යැයි කියනු ලැබේ.

2. පොදු IP ලිපින (Public IP Addresses)

පොදු IP ලිපිනය යනු අපගේ උපාංගය සම්බන්ධ වී ඇති ජාලයෙ IP ලිපිනයයි. ISP විසින් පුද්ගලික IP ලිපිනය ට අමතරව මෙම පොදු IP ලිපිනයද උපාංගයට පවරයි. අපගේ උපාංගය හඳුනාගන්නේ මෙම පොදු IP ලිපිනය මගින්ය. ගතික හා ස්ථිතික ලෙස පොදු IP ලිපිනය කොටස් දෙකකි.

උපාංගයක IP ලිපිනය සොයා ගන්නේ කෙසේද?

අපිට අපගේ උපාංගය සම්බන්ධ වී සිටින ජාලයේ පුද්ගලික IP ලිපිනය බලා ගැනීමට අවශ්‍ය වූ විට google හි search engine හි "What is my IP address" ලෙස search කිරීමෙන් එය බලා ගත හැකිය.

අපට අපගේ උපාංගයේ පුද්ගලික IP ලිපිනය දැනගැනීමට අවශ්‍ය නම් එය පහත පරිදි උපාංගය අනුව වෙනස් වේ .

Windows පරිගණකයක් නම් command prompt හි ipconfig ලෙස ටයිප් කිරීමෙන් දැකගත හැකිය.

Mac පරිගණකයක් නම් System preferences හි Select Network වෙත පිවිසීමෙන් දැක බලා ගත හැකිය.

iPhone එකක නම් settingsහි ඇති Wi-Fi select කරන්න. එහි ඔබ connect වී ඇති ජාලය අසල ඇති "i" අකුර click කිරීමෙන් IP ලිපිනය DHCP tab හි දැකගත හැකිය.

සටහන - ඉඳූෂා උළුවඩුගේ