අන්තර් සම්බන්ධතාවය සහිතව ක්‍රියාත්මක වන මිනිසුන් හෝ භෞතික උපාංග ජාලයක් ලෙස හැඳින් වේ
දෘඩාංග , මෘදුකාංග සහ තොරතුරු හුවමාරු කරගැනීමටත් සන්නිවේදන කාර්යයන් ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සිදුකර ගැනීමට අවම වශයෙන් පරිගණක 02 ක් අතර නිර්මාණය කරගන්නා ඒකකය පරිගණක ජාලයක් ලෙස හැඳින් වේ.
පරිගණක ජාලයකින් අවකාශ සැලසෙනුයේ, පරිගණකයන්ට තවත් බොහෝ පරිගණක සමග සන්නිවේදනයෙහි යෙදීමට සහ සම්පත් හා තොරතුරු හවුලේ බෙදා හදා ගැනුමට ය. ප්‍රගත පර්යේෂණ ව්‍යාපෘති කාර්යාංශය (DARPA|ARPA) හි මූල්‍ය අනුග්‍රහය යටතේ, එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙහි භාවිතය සඳහා “ප්‍රගත පර්යේෂණ ව්‍යාපෘති කාර්යාංශ ජාලය” (ARPANET) සැලසුම් කෙරිණි. එය ලොව පළමු ක්‍රියාකාරි පරිගණක ජාලය විය. 1960 ගණන් වලදී ඇරඹුණු සැලසුම් මත පදනම් වෙමින්, ජාලයෙහි ප්‍රවර්ධන කටයුතු ඇරඹුණේ 1969දී ය.
සම්පත් බෙදාහැරීමට හැකි වීම.
දුර සිට තොරතුරු කරා ළඟා වීමේ හැකියාව
විශ්වාස ලෙස දත්ත ගබඩා කිරීමේ හැකියාව
වැඩි වේගයකින් දත්ත සන්නිවේදනය කිරීමේ හැකියාව
සම්පත් පොදුවේ භාවිතා කරන බැවින් අවම පිරිවැයක් දැරීමට සිදුවීම
මූලික පිරිවැය අධික වීම.
දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු
මධ්‍යගත ස්ථානයේ දෝෂයකින් මුළු පද්ධතියම අක්‍රීය වීම.
පද්ධතිය ක්‍රියාවිරහිත වීම.
Point to point සබඳතාවය
All to all සබඳතාවය
ජාලය සෑදී ඇති දුර ප්‍රමාණය (geographical distance) අනුව පරිගණක ජාල කිහිපයකි.
ජාලය සෑදී ඇති දුර ප්‍රමාණය (geographical distance) අනුව පරිගණක ජාල කිහිපයකි.
සීමිත ප්‍රදේශයක ව්‍යාප්තව පවතින එක් ආයතනයක පුද්ගලයෙකු හෝ සංවිධානයකට අයත් පරිගණක ජාලයකි.
නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පිහපවතින පරිගණක ජාලයකි.
භූගෝලීයව වඩාත් පුළුල් පෙදෙස් වල ඇති පරිගණක ජාලයකි.
පරිගණකයක එක් කාර්යයක් කරන අතරතුර තවත් පරිගණකයකින් එම කාර්යය කට හැකි ආකාරයට ව්‍යාප්තව ඇති ජාලයකි.
එක් පරිශීකයෙකු විසින් පාලනය කරන පරිගණක ජාලයකි.
OSI ආකෘතියේ භෞතික ස්ථරය මත ක්‍රියාත්මක වන බහු කවුළු උපකරණයකි. බුද්ධිමත් නොවේ. සරලම පරිගණක ජාල උපාංගයක් වන අතර තීරණ ගත නොහැකිය. නාභියක් හරහා දත්ත ගමන් කිරීමේදී නිශ්චිත ගමනාන්තය සොයාගත නොහැකි නිසා ජාලයේ ඇති සෑම පරිගණකයකටම දත්ත යවයි. එවිට අවශ්‍ය පරිගණකයෙන් දත්ත ලබාගනී. දත්ත රැගෙන යා යුතු ස්ථානය හඳුනාගත නොහැකි නිසා දත්ත සම්ප්‍රේෂණයට වැඩි කාලයක් ගතවේ.
මේ නිසා නාභිය විසින් අනවශ්‍ය තදබදයක් ඇති කරයි. නාභී කුඩා පරිගණක ජාල සඳහා පමණක් භාවිතා කරයි. තොරතුරු හුවමාරු කිරීම සඳහා අර්ධ ද්විපථ ක්‍රමය (Half duplex-දෙපසටම දත්ත සම්ප්‍රේෂණය වන නමුත් එක් අවස්ථාවකදී එක් පසෙකට පමණී) යොදා ගනී.
තොටමුණ ගණනාවක් ඇත. 12,24 වශයෙන් OSI ආකෘතියේ දෙවන හා තුන්වන ස්ථර සමඟ සම්බන්ධ වී ක්‍රියා කරයි. බුද්ධිමත් උපාංගයකි.පූර්ණ ද්විපථ හා අර්ධ ද්විපථ යන ක්‍රම 02කම තොරතුරු හුවමාරුව සඳහා භාවිතා කරයි.සෑමවිටම Mac ලිපිනය අනුව කටයුතු කරන බැවින් නියමිත ස්ථානයට පමණක් දත්ත සම්ප්‍රේෂණය කරයි. එනිසා දත්ත සම්ප්‍රේෂණය කාර්යක්ෂමව සිදුවේ.
Mac ලිපි යනු සෑම සන්නිවේදන උපකරණයකම ඇති ජාල අතුරු මුහුණතකට පවරා ඇති අතත්‍ය ලිපි යොමුවක් වේ. Ethernet ජාලයේදී භාවිතා වන පහළ මට්ටමේ භාවිතා වන ලිපින ක්‍රමයක් වන අතර විශ්වීය ලිපිනයකි. Mac ලිපිනයක දිග බිටු 48 ක් වන අතර දෙතිත්(:) ලකුණින් වෙන්වූ කොටස් 6කට බෙදා ඇත. ඒ සෑම කොටසක්ම බිටු 4හි කොටස් 2 කට බෙදා ඇත. සෑම බිටු 4 හි ලිපි යොමුවක්ම ෂඩ් දශමය අංකයක් බවට පරිවර්තනය කළ හැක. සාමාන්‍යයෙන් Mac ලිපිනයක් 40:8F:3C:4F:9C:A2 ආකාරයෙන් දිස්වේ.
උපාංග ජාලයක් හරහා දත්ත යැවීම හා ලැබීම සිදු කරන අතර Mac ලිපි යොමු උපාංගය අතත්‍යව හඳුනාගැනීම සඳහා ඉඩ සලසා ග්‍රාහක අතුරු මුහුණත වෙත නිවැරදිව දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලබාදේ.
ජාල සේවාදායකන් තුන් මෘදුකාංග භාවිතයෙන් ස්ථාපනය කළ සේවාදායක කිහිපයක් වුවද ක්‍රියාත්මක කට හැක. මෙම සේවාදායක සඳහා විශේෂ මෘදුකාංග භාවිතයට ගැනේ.
මහා පරිමාණයේ පරිගණක සඳහා විකල්පයක් වශයෙන් පුද්ගල පරිගණකයේ ආගමනයත් සමග පුද්ගල පරිගණක ඇසුරු කරගත් පරිගණක ජාලකරණය ජනප්‍රිය විය.
පරිගණක ජාල ක්‍රම අතුරින් පරිගණක සේවාග්‍රාහක, සේවාදායක පරිගණක පිළිබඳ සැලකිලිමත් වීමේදී සේවාග්‍රාහක, සේවාදායක පරිගණක ලෙස පරිගණක වර්ග 2 ක් හඳුනාගත හැක.
අනුග්‍රාහක පරිගණක 2ක් හෝ කිහිපයකින් සේවා ලබාගන්නා පරිගණක zසේවාග්‍රාහක පරිගණක වේ.
සේවාග්‍රාහක පරිගණක වෙත සේවාව සපයන පරිගණක සේවාදායක පරිගණක වේ. සේවාග්‍රාහකයින්හට කාර්යක්ෂමව සේවා සැපයීම සඳහා සේවාදායක පරිගණක වල මෙහෙයුම් වේගය, මතක ධාරිතාව, ආචයන ධාරිතාව සාපේක්ෂව වැඩිය.
Netwoking පිළිබඳව තවත් තොරතුරු ඉදිරි ලිපි සමඟ සාකච්ඡා කරමු.
සටහන - චතුරංගි දුල්සරා