නවකයන්ට coding තරමක අභියෝගාත්මක දෙයක් ලෙස වෙබ් සංවර්ධකයින් දුටුවද නිවැරදි ආරම්භයකට එය වෙනස් කළ හැකිය. මෙසේ කේතකරණය ඉගෙනීමට යෝග්‍යතම මාර්ගය වන්නේ කේත කිරීම ආරම්භ කිරීමයි. මෙසේ කේත කිරීමේදි එය සමහර නවකයින්ට අසීරු මෙන්ම දුෂ්කර කාර්‍යයක් ලෙස සිතුනද එය අත්හැර නොදමා දිගටම කරගෙන යා යුතුය. ආර්ම්භයේ සිට ඇතිවන අභියෝගාත්මක තත්වය්න්ට මුහුණ දීමෙන් ලැබෙන අත්දැකීම් ඔබව සාර්ථක වෙබ් සංවර්ධකයෙක් බවට පත් කරයි.
රැකියාවක් බලාපොරොත්තුවෙන් හෝ විනෝදාංශයක් වශයෙන් හෝ IT ක්ෂේත්‍රයේ ඉගෙනුම ලබන ඕනෑම කෙනෙකුට සිදු කළ හැකි Beginner Projects Ideas කිහිපයක් ගැන අද ලිපියෙන් සාකච්ඡා කරමු.
Responsive Website එකක් යනු Mobile හෝ Desktop browsers වලදි screen size එක වෙනස් වුවද content එකත් එයට සාපේක්ෂව වෙනස් වීම සිදුකල හැකි websites වේ. වර්තමානයේදි භාවිතා වන Laptops, Mobiles, Tablets ආදි උපකරණ වලට responsive websites නිර්මාණය කිරීම තරමක් complex ක්‍රියාවලියක් වන අතර ඔබගේ website එකෙහි responsive බව වැඩි වන තරමට ඔබේ නිර්මාණයේ ගුණාත්මක බාවයත් ඉහළ යයි.
Website එකක් මුල සිටම නිර්මාණය කිරීම තරමක් අසීරු කාර්‍යයක්. නමුත් website template එකක් භාවිතා කරමින් එහි ඇති contents, layouts වෙනස් කරමින් එය redesign කිරීම මුලසිටම නිර්මාණය කිරීමට වඩා තරමක් පහසු වේ.
සරල application එකක් නිර්මාණය කිරීම coding ඉගෙන ගැනීමට ආශා කරන ඕනෑම කෙනෙකුගේ ඉලක්කයක්.එම නිසා තමන් භාවිතා කරන language එක යොදාගනිමින් GUI Application එකක් නිර්මාණය කිරිමද ඉතා හොද project එකක් ලෙස සැලකිය හැකි වේ. ඔබ නිර්මාණය කරන ප්‍රථම application එක සංකීර්ණ වීම අත්‍යාවශ්‍ය නොවුනද ක්‍රම ක්‍රමයෙන් ඔබගේ දැනුම හා අත්දැකීම් සමග තරමක් සංකීර්ණ application එකක් නිර්මානය කිරිම කළ හැකිය.
Webscraping scripts නිර්මාණය කිරීමද ඉතා හොද beginner project එකක් ලෙස සැලකිය හැකියි. Webscraping යනු කුමක්දැයි යන්න මෙම link එක මගින් දැනගත හැකියි. https://csup.soc.pdn.ac.lk/blog/what-is-web-scraping
වර්තමානයේදි පරිගනක ක්‍රීඩා ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. සරල පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීම coding සදහා මුල් පියවර තැබූ අයෙකුට කල හැකි කදිම project එකක් ලෙස සැලකිය හැකියි.Tic tac toe, madlibs වැනි සරල games වලින් ආරම්භ කරමින් Physics, Machine Learning, Artificial Intelligence වැනි දේවල් ද යොදාගනිමින් unity වැනි game engines සමඟින් ඔබගේ ව්‍යාපෘතිය දියුණු කළ හැකි වේ.
Open source projects යනු ඔබගේ coding skills සහ developing skills දියුණු කරගත හැකි පහසුම සහ හොදම මාර්ගයකි. Opensource project එකක් කිරීමෙන් ලැබෙන විශේෂම වාසිය වන්නෙ පරිශීලකයන්ගෙන් feedback එකක් ලබාගත හැකිවීමයි. එමෙන්ම opensource projects ඔබගේ CV එකෙහි පවා අන්තර්ගත කල හැකිවීමත් විශේෂයෙන්ම පෙන්වාදිය හැකියි. ඒ සදහා github කදිම නිදසුනක් ලෙස දැක්විය හැකියි. Github පිළිබඳව වැඩිදුර තොරතුරු පහත link එක මගින් දැනගත හැකියි.
සටහන - හිරාන් නිශ්ශංක