KAGGLE – THE BEST PLATFORM FOR MACHINE LEARNING IN 2022

April 08, 2022 | Eshini Jayawardana

KAGGLE – THE BEST PLATFORM FOR MACHINE LEARNING IN 2022

Kaggle යනු දත්ත විද්‍යාඥයන්ට machine learning අභියෝග සඳහා තරග කළ හැකි වේදිකාවකි. මෙම අභියෝග නිවාස මිල පුරෝකතනය කිරීමේ සිට පිළිකා සෛල හදුනාගැනීම දක්වා ඕනෑම දෙයක් විය හැකිය. Kaggle සතුව දත්ත විද්‍යාඥයන් දැවැන්ත ප්‍රජාවක් සිටින අතර ඔවුන් සෑම විටම අන් අයගේ දත්ත විද්‍යා ගැටලු සම්බන්ධයෙන් උපකාර කිරීමට කැමත්තක් දක්වයි. තරග වලට අමතරව Kaggle සතුව machine learning ඉගෙනීම ආරම්භ කිරීමට ඔබට උපකාර වන බොහෝ නිබන්ධන සහ සම්පත්ද ඇත. ඔබ දත්ත විද්‍යාඥයෙක් වීමට අපේක්ෂා කරන අයෙක් නම් එය ආරම්භ කිරීමට ඇති හොඳම ක්‍රමය Kaggle වේ.

විශ්ලේෂණය කළ යුතු යැයි හැගෙන දත්ත ඇති ව්‍යාපාර සඳහා Kaggle උපකාරි වේ. Kaggle හි ඇති වැදගත්ම වාසිය නම් මෙම සමාගම් වලට ඔවුන්ගේ දත්ත සමග වැඩ කරන්නේ කෙසේද යැයි දන්නා අයෙකු පහසුවෙන් සොයා ගත හැකි වීමයි. එමගින් ඔවුන්ගේ පද්ධතියේ සිදුවී ඇති වැරැද්ද කුමක්දැයි සොයා ගැනීමට උත්සහ කරනවාට වඩා ගැටලුව විසදීමට පහසු කරයි.

Kaggle සතුව විවිධ වර්ගයේ තරග රාශියක් ඇත. ඔබට අන්වීක්ශ රූප වල පිලිකා සෛල පුරෝකතනය කිරීමේ සිට ඕනෑම දිනක චන්ද්‍රිකා චායාරූප වල වෙනස්කම් විශ්ලේෂණය කිරීම දක්වා වූ සෑම දෙයක්ම අඩංගු වී ඇති තරගයකට ඇතුලත් විය හැක. පහත දැක්වෙන්නේ Kaggle සතුව ඇති තරග සඳහා උදාහරණ කීපයකි.

  • Titanic

  • House prices

  • Digit recognizer

Kaggle හි සෑම තරගයක් සඳහාම එයට සම්බන්ධ දත්ත කට්ටලයක් සහ ළඟා විය යුතු ඉලක්කයක් ඇත. ඔබට හැකි සෑම විටම දත්ත වෙත ප්‍රවේශ විය හැකි අතර ඔබේ අනාවැකි ආකෘතිය ගොඩනගා ගත හැක. ඔබේ විසඳුම එක් වරක් ඉදිරිපත් කළ පසු එම විසඳුම නැවත නැවත ඉදිරිපත් කළ නොහැක.

එකිනෙකාට එරෙහිව තරග කිරීමේදී සෑම කෙනෙක්ම එකම ස්ථානයක සිට ආරම්භවන බව මෙයින් සහතික කරයි. එබැවින් ගැටලුව විසදීමට උත්සාහ කරන අනෙක් අයට වඩා වැඩි වාසියක් ගණනය කිරීමේ බලයක් ඇති අයට ලබා දී නොමැත.

තරග ඒවායේ සංකීර්ණතා මට්ටම, ඒවාට ගතවන කාලය, තෑගි මුදල සම්බන්ධ ද නැද්ද යනාදිය මත පදනම් ව විවිධ කාණ්ඩ වලට වෙන් කරනු ලැබේ. එබැවින් විවිධ අත්දැකීම් මට්ටම් ඇති අයට එකම පිටියේදී එකිනෙකාට එරෙහිව තරග කළ හැකිය.

මෙම තරග වලට සහභාගි වීම සඳහා machine learning සහ data analysis සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබිය යුතුය. Python හෝ R පිලිබඳ යම් දැනුමක් සහ පලපුරුද්දක් තිබීම මේ සඳහා වාසියක් වේ.

තරගයකට ඇතුල් වීම සඳහා ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය ඉතා සරලය. බොහෝ තරග, තරගකරුවැන්ගෙන් ඉල්ලා සිටින්නේ එක් එක් අභියෝගය අවසානයේ නිශ්චිත නිර්ණායක සපුරන කේතයක් ඉදිරිපත් කරන ලෙසය.

Kaggle හි බොහෝ සමාගම් විසඳුම් සොයමින් සිටිති. එබැවින් සෑම තරගයකටම ත්‍යාගයක් වෙන් කර ඇත. ඔබේ විසඳුම ප්‍රමාණවත් තරම් ශක්තිමත් නම් ඔබට විශාල මුදලක් දිනා ගත හැක.

මෙම තරග වලින් සමහරක් හුදෙක් විනෝදය හෝ ඉගෙනුම් අරමුණු සඳහා වන නමුත් තවමත් ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමේ.

Python මෙම තරගකරුවන්ට වැදගත් වේ. එය ආරම්භ කිරීම සඳහා දත්ත හැසිරවීම, පෙර සැකසුම් කිරීම, ගවේෂණය සඳහා විවිධ පැකේජ තිබේ.

TensorFlow යනු මේ සඳහා භාවිත වන තවන් මෙවලමකි.

Kaggle ඔබට හොඳ දත්ත විද්‍යාඥයෙකු වීමට මග පාදා දෙයි. තවද කාලීන දත්ත වෙත ප්‍රවේශය ලබා දෙන අතර එමගින් ලොව පුරා සමාගම් මුහුණදෙන ගැටලුවලට සමාන ගැටලු විසදීමට පුරුදු විය හැක.

සටහන - එෂිනි ජයවර්ධන