Introduction to R

January 07, 2022 | Sanduni Randika

නූතන ලෝකයේ විවිධ ක්ෂේත්‍රයන්හි දත්ත විශ්ලේෂකයන් දත්ත විශ්ලේෂණය කිරීම සඳහා බහුලව භාවිතා කරන සංඛ්‍යානමය පරිගණක භාෂාවක් ලෙස R හඳුන්වා දිය හැක.ලොව පිළිගත් පරිගණක භාෂාවන් ශ්‍රේණිගත කිරීමේ වාර්තා වලට අනුව R යනු පසුගිය වසර කිහිපය තුළ අඛණ්ඩව මුල් ස්ථාන 10 තුළ රැඳී තිබෙන පරිගණක භාෂාවක් ද වේ .

බොහෝ පරිගණක භාෂාවන් නිර්මාණය වීමට විශේෂිත ගැටලුවක් පෙලඹූ වූවා සේම R භාෂාව නිර්මාණය වීම සඳහා මූලික අරමුණ වී ඇත්තේ සංඛ්‍යාඥායන් සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි සේම භාවිතා කළ හැකි පරිගණක භාෂාවක් නිර්මාණය කිරීමයි. R භාෂාව ලෝකයට හඳුන්වා හඳුන්වාදීමට පෙර SAS නමින් අතිශය සංකීර්ණ භාෂාවක් තිබූ නමුත් එහි syntax හා විශේෂාංග භාවිතා කිරීම අපහසු කාර්යයක් විය.

ප්‍රථම වරට 1990 දශකයේ මුල් භාගයේ දී Auckland විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පීඨ සාමාජිකයන් වන Robert Gentlman සහ Ross Ihaka විසින් සංඛ්‍යානමය පරිගණක භාෂාවක් වූ S භාෂාවට සමීප ආදර්ශනයක් ලෙස R භාෂාව නිර්මාණය විය.නමුත් අප අද භාවිතා කරන R හි වත්මන් අනුවාදය ලොව පුරා සිටින බොහෝ පුද්ගලයන්ගේ වසර ගණනාවක සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි .

R programming ඉගෙන ගැනීමට පෙර සෑම අපේක්ෂකයකුගේ මනසෙහි පැන නගින ගැටලුවක් වන්නේ R ඉගෙන ගැනීමේ වැදගත්කම හා එහි සුවිශේෂීතා මොනවාද යන්නයි.


  1. නිදහස් හා විවෘත මෘදුකාංගයක් වීම (Free and Open Source)

බොහෝ පරිගණක භාෂාවන් සේම R පරිගණක භාෂාවක් ද අපට නොමිලයේ භාවිතා කළ හැක. මුදල් වැය කරමින් භාවිතා කිරීමට සිදුවන IBM SPSS වැනි සංඛ්‍යානමය මෘදුකාංග ද ඇත.

2. ජනප්‍රියතාවය

සංඛ්‍යානමය විශ්ලේෂණය සඳහා R ප්‍රමුඛ භාෂාවක් වන අතර එහි ක්‍රියාකාරීත්වයේ වර්ධනය හා යාවත්කාලීන කිරීම් සමග දත්ත විද්‍යාඥයින් අතර එය ඉහළම භාෂාවක් බවට පත්ව ඇත.

3. පුළුල් ක්‍රියාකාරීත්වය

සැබවින්ම R යනු බහු බහුකාර්ය පරිගණක භාෂාවක් වේ. සංඛ්‍යා ලේඛනය හා ප්‍රස්තාරකරණය හැරුණු විට එහි පුළුල් පරාසයක කාර්යන්ට අවකාශ ඇත.වෙබ් අඩවි සෑදීම, භාෂාවන් විශ්ලේෂණය කිරීම ඇතුළු තවත් බොහෝ කාර්යයන් R භාවිතයෙන් සිදු කළ හැක. නිවැරදි package භාවිතා කරමින් අපිට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට R භාවිතා කළ හැක.

4. විශාල පිරිසකගේ භාවිතය

විශාල ප්‍රජාවක් විසින් R භාවිතා කරන නිසවෙන් R භාවිතා කිරීමේදී යම් ගැටලුවක් ඇති වුවහොත් R ක්‍රමලේඛනය නඩත්තු කරන සහ යාවත්කාලීන කරන විශාල පිරිසකගේ සහාය ලබා ගැනීමේ හැකියාව ඇත. මෙහිදී විශේෂ කරුණක් වන්නේ අපට Google, StackOverflow අමතරව Twitter යනු R ආශ්‍රිත ගැටළු සඳහා උපකාර ලබාගත හැකි සේම ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ R වෘත්තිකයන්ගේ R ආශ්‍රිත පුවත් හා යාවත් කාලීන කිරීම් පිරුණු විශිෂ්ට සම්පතකි. Twitter හි R ප්‍රජාව #rstat යන hashtagය වටා කේන්ද්‍රගත වී ඇත.

5. සෑම කර්මාන්තය කර්මාන්තයක ම භාවිතා වීම.

අද වන විට R සෑම කර්මාන්තයක ම පාහේ බහුලව භාවිතා වන ක්‍රමලේඛන භාෂාවකි.එය මූල්‍ය බැංකුකරණයේ සිට ඖෂධ නිෂ්පාදනය දක්වා පුළුල් පරාසයක විහිදුණු සෑම කර්මාන්තයකම භාවිතාවේ.මූල්‍ය සහ බැංකු කර්මාන්තවල අවදානම් විශ්ලේෂණය, ඖෂධ සොයා ගැනීම සහ ජෛව තොරතුරු විද්‍යාවේ ප්‍රවේණික

විශ්ලේෂණය සඳහා ද භාවිතා වේ කාර්මික ක්‍රියාවලීන් ප්‍රශස්තකරණය කිරීම සඳහා විවිධ සංඛ්‍යානමය පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා ද R භාවිතා වේ. පහතින් R භාවිතා කරන කර්මාන්ත කීපයක් පමණක් දැක්වේ.

  • Google

  • Starbucks

  • Amazon

  • Pfizer

R භාවිතා කරන්නේ කෙසේද?

CRAN (Comprehensive R Archive Network) මගින් ඔබට R බාගත කරගැනීමෙන් අනතුරුව භාවිතා කළ හැක. R සඳහා වන නිල IDE වන්නේ R studio යි. එමඟින් ඔබට වඩාත් පහසුවෙන් හා විනෝදජනක ලෙස R භාවිතා කල හැක. R Studio Cloud Primers මගින් කිසිදු මෘදුකාංගයක් ස්ථාපනය නොකර R හි කේතනය ආරම්භ කළ හැක.

ඔබ R සඳහා ආධුනික අයෙක් නම් R පරිගණක භාෂාව අධ්‍යයනය කිරීම සඳහා විවිධ මාතෘකා ඔස්සේ විහිදුණු බොහෝ Online පාඨමාලා අන්තර්ජාලය තුල ඇත .

  • Coursera

  • Udemy

  • edX

  • Great Learning

සටහන - සදුනි රන්දිකා