Programming සහ Coding දැනුම මගින් මුදල් උපයමු

October 8, 2021 | Prabuddhika Mayurapaksha

අද ලෝකේ පවතින තත්වයත් එක්ක අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම කියන කාරණාව ලෝකයේ ගොඩක් කතාබහට ලක් වෙලා තියනවා. නමුත් තවමත් අපේ රටේ ඒ වෙනුවෙන් පෙළඹෙන පිරිසෙහි අඩුවක් දක්නට ලැබෙනවා. ඇත්තෙන්ම මේ හරහා සාම්ප්‍රදායික රැකියාවක් කරනවට වඩා ප්‍රතිලාභ ගොඩක් අත්පත් කරගත හැකියි. ඉතින් අද ඒ දහසකුත් ක්‍රම අතුරින් වඩාත් ඵලදයී ක්‍රම කිහිපයක් ගැන මේ ලිපිය හරහා ඔබ දැනුවත් වේවි.

1. Freelancing

මෙමගින් අපට අපි සතු හැකියාවක් මුදල් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ කියන්නෙ යමෙකුට අවශ්‍ය සේවාවක් ලබාදීම මගින් freelancer කෙනෙක් විදියට මුදල් ඉපයීමට හැකියාවක් ලැබෙනවා. උදාහරණයක් වශයෙන් යම් කෙනෙකුට තමන්ගෙ ආයතනයට web site එකක් හදාගන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඉතින් web development කරන freelancer කෙනෙක් හරහා යම් මුදලක් ලබා දීලා ඒ කෙනාට ඒ වැඩේ කරගන්න පුළුවන්. එලෙසම ඔබේ programming දැනුමද ඔබට මේ හරහා මුදල් බවට පරිවර්තනය කල හැකිය.

ඉතින් මේ වෙනකොට freelancing websites ගොඩක් අන්තර්ජාලය තුළ පවතිනවා. ඒ අතරින් පහත websites ප්‍රධාන තැනක් ගන්නවා.

Fiverr – www.fiverr.com

Freelancer – www.freelancer.com

PeoplePerHour – www.peopleperhour.com

SEOClerk – www.seoclerks.com

Upwork - www.upwork.com

මේ පිළිබඳව CSUP Talks #9 වැඩසටහන මගින්ද සාකච්ඡා කර තිබෙනවා. Click Here


(2) Online Programing Tutorials

ගොඩක් අයට කරන්න ඉගෙන ගන්න මේ වෙනකොට අවශ්‍යතාව තියෙනවා. ඉතින් ඒ අය ඉලක්ක කරගෙන ඔබට යම් කෙටි හා දිගු වීඩියෝ සකස් කර ඒ මගින් මුදල් ඉපයීමේ හැකියාව තියනවා. ඔබට කිසියම් හෝ programming language එකක් පිළිබඳ මනා දැනුමක් තිබේනම් සහ එය ඉතා හොඳින් තවකෙකුට ඉගැන්විය හැකිනම් මේ ඔබේ අවස්ථාවයි.

මේ සඳහා ඔබට Udemy වැනි platform තුළ නොමිලේම ගිණුමක් සකසා පාඨමාලාව ක්‍රමවත්ව සකස් කර ඒවා අලෙවි කිරීමේ හැකියාව තිබෙනවා. මේ වන විට මේ සඳහා YouTube වැනි සමාජ ජාලා යොදාගන්නා බොහෝ අයද සිටිනවා. මේ සඳහා ඔබට microphone එකක් සහ හොඳ screen recorder එකක් පමණක් තිබීම ප්‍රමාණවත් වීම තවත් වාසියකි

මීට අමතරව Distributed denial-of-service (DDoS) attacks, Advanced persistent threats (APTs), Man-in-the-middle (MitM) attacks ද ඇත.

නව තාක්ෂණය උපයෝගී කරගෙන මෙම attacks වලට මුහුණ දීමට ස්වයංක්‍රීය ක්‍රම යොදා ගනී. ඒවා නම්,

• Threat detection

• Threat response

• Human augmentation

(3) Apps සහ APIs ගොඩනැගීම

මෙය බැලූ බැල්මට දිගුකාලීන ඉලක්කයක් ලෙස පෙනුනත් මේ සඳහා කාලය වැය කර සාර්ථක වීම මගින් passive income එකක් ලබාගැනීමට හැකි වේ. නමුත් මේ හරහා ඔබ සාර්ථක මුදල් ඉපයීමට නම් වැඩි පරිශීලකයන් ප්‍රමාණයක් ඔබේ apps හෝ APIs භාවිතා කල යුතුය. එනම් ඔබේ App එක හෝ API එක, එමගින් සිදු කරන කාර්යය ඉතා හොඳින් සිදු කල යුතුය. නැතිනම් එය පරිශීලකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.

බොහෝ Apps සහ APIs open-source වුවද යම් plugins වැනි දෑ ලබා ගැනීමට මුදල් ගෙවීමක් සිදු කලයුතු වේ. එමගින් ඔබට මුදල් ඉපයීමට හැකියාවක් පවතී.

කෙසේ නමුත් ඔබ මෙය සකසා නිමකල පසු මුලසිටම මුදල් වලට අලෙවි කිරීම මගින් මෙය පරිශීලකයන් අතර ජනප්‍රිය කිරීමට අපහසු වේ. එයට හේතුව නම් කිසිවෙකු එකවරම ඒ පිළිබඳ දැනුමකින් තොරව මුදල් ගෙවීමට දක්වන මැලිකම හේතුවෙනි. ඒ සඳහා ඔබ යම් trial version එකක් ලබාදීම මගින් ඔවුන් එය භාවිතා කර ඔවුන්ට ඔවුන්ගේ කාර්යය සාර්ථක සිදුකර ගත හැකි නම් එය මුදල් ගෙවා ලබා ගැනීමට පෙළඹේ.

(4) Blog එකක් පවත්වාගෙන යෑම

Blog එකක් නිර්මාණය කිරීම එතරම් අපහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ඔබට Blogger හෝ Wordpress වැනි platform එකක් භාවිතා කලහැකිය. නමුත් එකක් හරහා මුදල් ඉපයීම එතරම් පහසු කාරණයක්නම් නොවේ. මේ සඳහා ඔබේ එකට හොඳ traffic එකක් සහ හොඳ දැනුමක් අවශ්‍ය වෙනවා.

නමුත් ඔබ ලිවීමට සහ තමා සතු දැනුම අන් අය සමඟ බෙදා ගැනීමට කැමති අයෙක්නම් මෙය ඉතා සාර්ථක ක්‍රමයක් බව මතක තබාගන්න.

(5) Coding Challenges and Contests

ඔබ programming වලට අලුත් වුවත් නැතත්, ඔබට මෙවැනි challenges වලට සහභාගී වීම වැදගත් වේ. එමගින් මුදල් ඉපයීමට මෙන්ම ඔබේ දැනුම වර්ධනය කරගැනීමටද හැකියාව ලැබේ. එනම් ඔබ යම් තරඟයකට සහභාගී වී එය ජයග්‍රහණය කිරීම මගින් මුදල් උපයා ගත හැකි අතර එම websites මගින් ලබා දෙන badges ද ඔබට එකතු කර ගැනීමේ හැකියාවක්ද පවතිනවා. තවද මෙම ආයතන තම පරිශීලක ගිණුම් වල සාධණීය මට්ටම අනුව යම් රැකියා අවස්ථා ප්‍රමණයක්ද පිරිනමනවා. ඔබ programming වල දක්ෂයෙකු නම් ඔබට එම පිරිනමන රැකියාවක්ද ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. පහත දක්වා ඇත්තේ එවැනි web sites කිහිපයකි.

TopCoder

HackerRank

CodeChef

Codewars

LeetCode

Coderbyte



(6) Ebooks විකිණීම මගින්

ඔබට පොතක් ලියා එය පළ කිරීම අතීතයේදී ඉතා අපහසු වුවත් වර්තමානය වන විට ඊට ඔබට අවශ්‍ය වන්නේ පරිගණකයක් පමණි. අපි හිතමු ඔබ යම් programming language එකක් පිළිබඳ ප්‍රවීණයෙකුනම් සහ ඔබට එය තවත් අයෙකුට හොඳින් තේරුම් කල හැකිනම් ඔබට මෙමගින් මුදල් ඉපයීමට හැක. වර්තමානය වන විට වලට නවක හා ප්‍රවීණ අයද ඔවුනට අවශ්‍ය වූ විට මෙලෙස Ebook එකක් මිලට ගැනීම සිදු කරයි. ඔබ යම් පොතක් ලියා අවසන් වූ පසු ඔබට එයට අදාල ප්‍රචාරණ කටයුතු සමාජ මාධ්‍යය හරහා නොමිලේම සිදුකර විකිණීම සිදු කලහැක. තවද, Ebay, Amazon, Bookfinder වැනි websites හරහාද ඔබේ පොත විකිණීමට හැක.

(7) Mobile Apps develop කිරීම

Mobile phone එකක් කියන්නෙ අද හැමෝම වගේ පාවිච්චි කරන සුලභ මෙවලමක්. ඉතින් මේ mobile phones වලින් යම් යම් කටයුතු සිද්ධ කරගන්න අපි විව්ධ apps යොදාගන්නවා. එලෙස apps නිර්මාණය කිරීම මගින් හා ඊට අවශ්‍ය යම් plugins වැනි දෑ මුදලට ලබාදීම මගින්ද, ඒවාට විවිධ advertisements ඇතුළත් කිරීම හරහා අපට මුදල් ඉපයීමේ හැකියාවක් පවතිනවා. එනම් යමෙකු ඔබේ එක download කර එය භාවිතා කරන අතරතුර පළවන වලට ads මගින් ඔබට මුදල් ඉපයීමේ හැකියාවක් පවතිනවා.

ඉතින් අද මම මෙම ලිපිය හරහා කතා කරේ ඔබට ඔබේ coding සහ programming දැනුම භාවිතා කරල එම දැනුමෙන් මුදල් ඉපයිය හැකි ක්‍රම කිහිපයක් පිළිබඳව. තවත් එවැනි ක්‍රම විශාල ප්‍රමාණයක් මේ අන්තර්ජාලය තුළ පවතිනවා වගේම එමගින් මුදල් ඉපයීමේ හැකියාව තියනවා.



සටහන - ප්‍රබුද්ධික මයුරපක්ෂ