Discord Server හඳුනා ගනිමු

July 6, 2022 | Nimeshi Apsara

Discord Server හඳුනා ගනිමු

තාක්ෂණයේ දියුණුව සමගින්ම විවිධ කාලවකවාණුවල විවිධ තාක්ෂණික මෙවලම් , විවිධ තාක්ෂණික අංගයන් බුද්ධිමත් මිනිසුන් තුළින් බිහි විය. ඒ සෑම දෙයක්ම කාලීන මිනිස් අවශ්‍යතා හමුවේ කාර්‍යයන් පහසු කරගැනීමට ,තාක්ෂණික වශයෙන් එකිනෙකා බද්ධ කිරීම සඳහා නිර්මාණය වී ඇත. Discord Server යන්නද එවැනි App එකකි. නැතහොත් Server එකකි.Discord server පිළිබඳ සම්පූර්ණ තතු අපි විමසා බලමු.

Discord යනු කුමක්ද?

2015 වර්ෂයේ දී Jason citron සහ Stanislau vishnevskiy විසින් Discord ප්‍රථම වරට නිකුත් කර ඇත. මොවුන් දෙදෙනාම වීඩියෝ ක්‍රීඩා කර්මාන්තය තුළ වැඩ කළ පුද්ගලයින් දෙදෙනෙකි.ඒ නිසාම ඔවුන් අපේක්ෂා කළේ වඩා හොඳ සන්නිවේදන මෙවලමක් ගොඩ නැගීමයි. එබැවින් Discord යන්න ඔවුන්ගේ සිතැඟි අර්ථවත් කරන ලදී.


ඒ අනුව Discord යන යෙදුම Gamers ලා අතර ඉතාමත් ජනප්‍රිය විය.Discord යනු Web based communication app එකකි. වට්සැප්, ටෙලිග්‍රෑම් වැනි Application වලට තරමක් සමාන යැයි කිව හැකි වුව ද ඒවාට වඩා Advance එකකි.


Discord මුලින්ම නිර්මාණය කළේ Gamers ලා අරමුණු කරගෙනයි. ඊට හේතුව Discord තුළ Gamers ලට වැදගත් බොහෝ Option දක්නට ඇත. විවිධ Apps වලට Connect වීමේ හැකියාව , Screen share කිරීමේ හැකියාව ,Web chats නිර්මාණය කිරීමේ හැකියාව ආදිය දැක්විය හැකිය .


නමුත් වර්තමානයේ දී Discord ජනප්‍රියත්වය වර්ධනය වී ඇති අතර Gamers ලා සඳහා මෙවලමක් වීමේ සිට කතාබස් කිරීමට හෝ සබැඳි ප්‍රජාවන්ට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකු සඳහා පූර්ණ පරිපූර්ණ සේවාවක් බවට පරිණාමය වී ඇත.

Discord එකක සිදුකළ හැකි ප්‍රධානම (Basic )දේවල් මොනවාද?

• Chat කිරීමේ හැකියාව

• Audio / Video Calls ලබා ගැනීමේ හැකියාව

• Group chats සිදු කිරීමේ හැකියාව

• Screen share කිරීමේ හැකියාව

Discord versions මොනවාද ?

• Mobile version

• Desktop version

• Web version

Discord server එකක් යනු කුමක්ද ?

Discord බොහෝ දුරට භාවිතයට ගැනෙන්නේ Community එක සාදා ගැනීමට වුවද යහ‍ළුවන්ව Add කර ගැනීම, ඔවුන්ට Direct messages දැමීම වැනි දෑ අපට සිදු කළ හැකිය .


Discord එකක එක් Community එකක් නැත්නම් එක් Group එකක් Server එකක් ලෙස හැඳින්වේ. එක් Server එකක් තුළ Group chats බොහොමයක් දක්නට ඇත. එම Group chats Channels නමින් හැඳින්වේ .

Discord Server එකක ඇති Option මොනවාද ?

එක් Discord server එකක් තුළ විවිධ Categories ,Channels බොහොමයක් දක්නට ඇත.Categories තුළ channels දක්නට ලැබෙන අතර Channels ආකාර දෙකකි.

1. Text Channels

2. Audio/ Voice channels

Text channels වල සාමාන්‍ය වට්සැප්, ටෙලිග්‍රෑම් වැනි Group chat වල Chat කරන ආකාරයට chat කළ හැකිය. එක් Server එකක් තුළ Text channels බොහොමයක් තිබිය හැකිය. Chat එක තුළ ඇති Topic එක අනුව Chat එකේ Chat කළ යුත්තේ කුමක්ද යන්න තේරුම් ගත හැකිය. Text channels වල Voice message Send කළ නොහැකිය .


Audio /Voice channels වල සිදු කරනු ලබන්නේ Audio /Video calls ගැනීමයි. එමෙන්ම Screen share කර සාකච්ඡා සිදු කිරීම වැනි දෑ සිදු කළ හැකිය .


Discord Server එකක් තුළ Roles දක්නට ලැබේ. යම් පුද්ගලයෙකුට Role එකක් ලබා දුන් පසු අදාළ Role එකේ නම ඔහුගේ Profile එකේ පෙන්නුම් කෙරේ. අවශ්‍යනම් තමන්ටම තමන්ට අදාළ Role එක Assign කිරීමේ හැකියාව ද ඇත.


Discord Server එක තුළ ඇති ඇතැම් Channel lock කර ඇති අතර එසේ lock කර ඇති Channel වලට ඇතුලු වීමට ද මේ Role උපකාරී වේ.


එමෙන්ම Discord Server එක තුළ ඇති Chats වලට React කිරීමේ හැකියාව ද ඇත.

Discord server එකක් use කරන්නේ කෙසේද ?

මෘදුකාංගය විවෘත කිරීමෙන් පසු පළමුවෙන් Username එකක් තෝරාගත යුතුය. පසුව Username එක email එක සහ Password සමග සම්බන්ධ කිරීම සිදුකළ යුතුය. ඉන්පසු Server එකට සම්බන්ධ වීම සහ ආරම්භ වීම සිදු වේ. ඒ තුළ විවිධ භාවිතා කරන්නන් නීති ආදිය දක්නට ලැබේ. Discord තුළ ඇති මේ නීති ආදිය ඇතැම් දේවල Public ලෙසද ඇතැම් දේවල් Private ලෙස දිස් වේ.


Discord එක තුළට ඇතුල්වීමත් සමග එහි ප්‍රධාන Section හතරක් දැක ගත හැකිය. Servers, Channels ,Categories සහ Chat rooms දැක ගත හැකි අතර ඒවා පිළිබඳ පැහැදිලි තොරතුරු ඉහතින් දක්වා ඇත. එමෙන්ම තමාගේ Privacy Settings ද පරීක්ෂා කිරීමේ හැකියාව ඇත. එමෙන්ම User settings තුළ ඇති Activity Settings තුළින් තමන් සිදු කරන ක්‍රියාකාරකම් පාලනය කිරීම ,Hide කිරීම ආදිය ද සිදු කළ හැකිය.

Discord සඳහා කොපමණ මුදලක් වැය වේද?

Discord සඳහා සම්පූර්ණ නොමිලේ සම්බන්ධ විය හැකිය. එහි Chat කිරීම Voice/Audio සියල්ල නොමිලේ සිදු කළ හැකිය. Discord ස‍ඳහා සීමාවක් නොමැත. අපගේ messages, history, communities ආදී මේ සියල්ලම භාවිතා කිරීම සහ ප්‍රවේශය සම්පූර්ණ නොමිලේ සිදු කළ හැකිය. තමන්ට අවශ්‍ය නම් තමන්ගේම Server එකක් වුවද නොමිලේ ආරම්භ කළ හැකිය. නමුත් බෝනස් අවස්ථා හා වරප්‍රසාද ලබා ගැනීමට නම් මුදල් ගෙවිය යුතු වේ.

Discord මෙතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද ?

වර්තමාන Covid-19 වසංගතය හමුවේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය බෙහෙවින් ප්‍රමුඛ විය. මිනිසුන් එකිනෙකා අදහස් හුවමාරු කරගැනීම, තොරතුරු සන්නිවේදනය කිරීම Social Network Platform හරහා සහ Chatting App මඟින් සිදු කරන ලදී. එම වර්ධනයත් සමග Discord බෙහෙවින් ජනප්‍රිය විය.


ඉහත සියලු කාරණා තුළින් Discord server යනු කුමක්ද සහ එහි වර්තමාන භාවිතය සහ අවශ්‍යතාවය පිළිබඳ දැනුමක් ලබා ගත හැකි වේ.

සටහන - නිමේෂි අප්සරා