What is Arduino?

March 04, 2022 | Oshadee Abeywardhana

What is Arduino?

Arduino යනු සරල වශයෙන් හදුන්වන්නේ නම් පරිගණකය මගින් ලබාදෙන විධානයන් හදුනාගනිමින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික පරිපථයකි. 2005දී Hernando Barroagan, Massimo Banzi සහ David Cuartielles යන තිදෙනා එක්ව ඉතාලියේ Ivrea හි Interaction Design Institute ආයතනයේ දී කළ ව්‍යාපෘතියක් මඟින් Arudino වල ප්‍රථම නිර්මාණය සිදුවිය. එය ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග හා දෘඩාංග භාවිතා කර නිර්මාණය කරන ලද open-source, (එනම් ඕනම පරිශීලකයෙක්ට තම අභිමතය පරිදි යම් යම් වෙනස්කම් සිදු කල හැකි) electronics platform එකකි. Arduino boards වලින් sensor එකකට ලැබෙන light එකක්, button එකක් මත තබන ඇඟිල්ලක්, හෝ twitter පණිවිඩයක් මගින් ලැබෙන input එකක් output එකක් බවට හැරවිය හැකිය. මේ output එක මෝටටරයක් ක්‍රියාත්මක වීමක් හෝ LED බල්බයක් දැල්වීමක් වැනි දෙයක් හෝ යම් කිසි article එකක් online පළ කිරීමක් විය හැකියි. Arduino පුවරුවේ ඇති microcontroller එකට උපදෙස් මාලාවක් යැවීමෙන් ඔබට කළ යුතු දේ Arduino පුවරුවට පැවසිය හැකිය.

එසේ කිරීම සදහා Arduino programming language (Wiring මත පදනම්ව) සහ Arduino Software (IDE) භාවිතා කරයි

Electronics ක්ශේත්‍රයට ආධුනික පුද්ගලයන් අතර Arduino platform ජනප්‍රිය වී ඇත. පෙර තිබූ programmable circuit board මෙන් නොව, Arduino වලදි අපිට අලුත් code එකක් ඇතුලත් කිරීමට programmer නම් අමතර දෘඩාංගය අවශ්‍ය නොවේ. ඒ වෙනුවට අපිට සරලව USB cable එකක් භාවිතා කිරීමට හැකිය. Arduino standard form factor එකකි, ඉන් micro-controller හි ක්‍රියාවලිය බිඳ දමා බෙහෙවින් විවෘත, එසේත් නැත්නම් පහසුවෙන් ලඟා විය හැකි package එකක් ලබා දෙයි.

සියලුම Arduino පුවරු සම්පූර්ණයෙන්ම විවෘත මූලාශ්‍රයක්(Open Source) වන අතර ඒවා අපට අවශ්‍ය පරිදි ගොඩනඟා ගැනීමට ද Arduino නිර්මාපකයින් අවසර ලබා දී ඇත. Arduino මෘදුකාංගය ද විවෘත මූලාශ්‍රයක් වේ.

Arduino මෘදුකාංගය Mac, Windows, LINUX යන ඕනෑම මෙහෙයු්ද්ධතියක භාවිත කළ හැක. රොබෝ තාක්‍ෂණය, ක්‍රමලේඛනය සහ තවත් බොහෝ අංශ සඳහා මෙය භාවිතා කරනු ලැබේ.


Arduino පුවරු වර්ග ගණනාවක් ඇත.

Eg-:

1) ARDUINO UNO

2) ARDUINO MEGA

3) ARDUINO NANO

4) ARDUINO LEONARDO

5) ARDUINO MINI

6) ARDUINO MINI PRO

7) ARDUINO BT

8) ARDUINO LILYPAD

ඉහත කී ARDUINO Boards අතුරින් Arduino සඳහා ආධුනිකයෙකු නම් වඩාත්ම සුදුසු වන්නේ ARDUINO UNO Board එකයි. Arduino සඳහා ආධුනික පුද්ගලයන්ට වඩාත්ම සුදුසු වන්නේ Arduino Starter Kit 1ක් මිලදී ගැනීමයි. (ඒ සඳහා Ali Express ,E bay වැනි වෙබ් අඩවියක් හරහා මිලදී ගත හැකි අතර නැතහොත් ලංකාවෙ ඉලෙක්ට්‍රොනික් වෙළඳ සැලකින් මිලදී ගත හැක.)

Arduino සඳහා ඉතා පහසුවෙන් වැඩසටහන් සකස් කිරීමට හැකිවන ලෙස Arduino IDE නිර්මාණය කර ඇත. Arduino සියල්ලම සදහා වැඩසටහන් සකස් කිරීමට යොදාගනු ලබන්නේ මෙම IDE එක වේ. මෙය නිර්මාණය කර ඇත්තේ C programming language මත පදනම්ව වේ.එමනිසා මෙම Arduino IDE යොදාගෙන Arduino සදහා වැඩසටහන් ගොඩනැගීමේදී පිළිපැදිය යුතු බොහෝමයක් C පරිඝණක භාෂාවේ නීතිම වේ. Arduino IDE හී වැඩසටහන් කරනය පිළිබදව සැලකීමේදී එහි අවම වශයෙන් ප්‍රධාන function දෙකකින් සමන්විත වේ. එනම්, setup () සහ loop () යන දෙක වේ. Arduino IDE එක ආරම්භ කරන විටම මෙම function දෙක ඇත. මොනතරම් විශාල වැඩසටහනක් වුවද මෙම function දෙක මත වැඩසටහන ගොඩනැගීම කල යුතුය.

Setup () function එක තුල microcontroller එක ක්‍රියාත්මක වීමට අදාල මූලික සැලසුම් වන INPUT/OUTPUT සකස් කිරීම ආදීය සිදුකරනු ලැබේ. මේවා වැඩසටහන තුල එක් වරක් පමණක් ක්‍රියාත්මක වේ. එනම් Arduino එකට බලය ලබාදුන් විට එක් වරක් පමණක් ක්‍රියාත්මක වී මේ තුල ඇති සැකසුම් අනුව INPUT/OUTPUT සකස් කිරීම සිදු කරනු ලබයි.

loop () function එක තුල වැඩසටහන ගොඩනැගීම සිදු කරනු ලබයි. එය නැවත නැවත ක්‍රියාත්මක කරනු ලබයි.එසේම යොදාගනු ලබන අමතර වැඩසටහන් ද නිර්මාණය කරනු ලබන්නේ මේ තුල වේ.

Shields

Arduino හි ඇති විවිධ ඒකක යොදාගෙන වැඩසටහන් ගොඩනැගීමේ දී ඒ සඳහා අමතර පරිපථ කොටස් නිර්මාණය කිරීමට සිදුවේ. Shield යනු Uno, Duemilanove, mega වැනි සම්මත Arduino පුවරු සමඟ සම්බන්ධ කළ හැකි Arduino හි ඇති ඒකක යොදාගැනීමට අවශ්‍ය වන අමතර පරිපථ කොටස් සහිත පරිපථ පුවරුවකි. මේවායේ එතරම් සංකීර්ණ පරිපථ නොමැත.

Modules

Arduino සඳහා පරිපථ ගොඩනැගීමේදී විවිධ ආකාරය සංඥා (Input) ලබා දීමට සිදුවේ. ඒ සඳහා විවිධ වර්ග සංවේදක (Temperature & Humidity sensors, Vibration detectors, photo detectors ආදිය), keypads, joysticks වැනි inputs ලබා දිය හැකි දේ යොදාගනු ලබයි. මේවා කුඩා PCB පුවරුවක Arduino සමග සම්බන්ධ කර input ලබාගත හැකි ලෙස pin යොදා නිර්මාණය කර ඇත. ඒවා Modules ලෙස හැඳින්වේ. මේවා Shield මෙන් Arduino සමඟ plug in ආකාරයට සම්බන්ධ නොවන අතර අත්‍යාවශ්‍ය pin පමණක් වයර මගින් Arduino සමඟ සම්බන්ධ වේ. Modules කොටස inputs ලබාගන්නා ස්ථානයේ සම්බන්ධ කරනු ලබයි.

Arduino යනු නව නිර්මාණයන් සිදු කිරීමේදී පරිපථ නිර්මාණය සදහා අවශ්‍ය වන විෂය ක්ෂේත්‍රයකි. ඒ අනුව Arduino යනු ශීඝ්‍රයෙන් ජනප්‍රිය වු උපාංගයක් වේ.

සටහන - ඕෂදී අබේවර්ධන