Top Programming Languages for Game Developers

February 4, 2022 | Tharanga Rathnayake

Game Programming යනු කුමක්ද?

Video game programming යනු වීඩියෝ ක්‍රීඩාවක් බවට පත්වන software එකක් develop කිරීමයි. මෙයින් අදහස් කරන්නේ පරිශීලකයා දකින interface එක, video game එකෙහි එන චරිත සහ ඔවුන් දක්වන ක්‍රියාවන් ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය codes ලිවීමයි.

Game programming යනු අදාල video game එකෙහි මූලික අඩිතාලම ලෙස දැක්විය හැකියි. අනෙකුත් සියලුම එකතු කරන ප්‍රධාන structure එක එයයි.

වර්තමානය වන විට පරිගණක ක්‍රීඩා ක්ෂේත්රය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉහළ ආදායමක් ලබන අංශයක් බවට පත් වී ඇත. සාර්ථක පරිගණක ක්‍රීඩා වැඩසටහනක් නිර්මාණය කිරීමේ දී සුදුසු programming languages තෝරාගැනීම ඉතාමත් වැදගත් සාධකයකි.

වර්තමානයේ දී පරිගණක ක්‍රීඩා ක්ෂේත්රය තුළ බහුල ලෙස භාවිතා වන programming languages කිහිපයක් පිළිබඳ මෙම ලිපියෙන් අවධානය යොමු කරමු.


1. C++

පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවන් අතර ඉතාමත් ජනප්‍රිය හා බහුලව භාවිතා වන programming languages එකක් ලෙස C++ හඳුන්වා දිය හැක. C++ භාවිතා කර console සහ windows games නිර්මාණය කරයි.

C++ භාවිත කර නිර්මාණය කර ඇති පරිගණක ක්‍රීඩා සඳහා නිදසුන් ලෙස

Counter-Strike

Football Pro

StarCraft

Master of Orion III

Doom III Engine

King Quest

World of Warcraft

Warcraft III

Maple story

Invictus

හඳුන්වා දිය හැක.

2. Java

පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවන් අතර ඉතාමත් ජනප්‍රිය හා බහුලව භාවිතා වන programming languages එකක් ලෙස C++ හඳුන්වා දිය හැක. C++ භාවිතා කර console සහ windows games නිර්මාණය කරයි.

Java mobile game development සඳහා බහුල හා ජනප්‍රිය ලෙස යොදා ගැනීමට මූලික ලෙසම හේතුවී ඇත්තේ එහි බහුකාර්යතාව ,භාවිතයට පහසු වීම ,ආරම්භක හිතකාමී බව සහ නැවත නැවත භාවිත කළ හැකි භාෂාවක් වීමයි.


Java භාවිතා කර නිර්මාණය කර ඇති පරිගණක ක්‍රීඩා සඳහා නිදසුන් ලෙස

Mission Impossible III

Minecraft

FIFA 11

Ferrari GT 3: World Track

Tom Clancy’s Politika

Runescape

Powder Game

Star Wars Galaxies

Roboforge

හඳුන්වා දිය හැක.


3. HTML05

HTML 05 යනු cross-platform, cross browser apps සහ games නිර්මාණය කිරීමට ක්‍රීඩා සංවර්ධකයින් විසින් යොදා ගන්නා ඉහළ තේරීම් වලින් එකකි.

Cookie Clicker, Gods Will Be Watching, World Cup Penalty 2018, Kingdom of Loathing, Nothing to Hide, Roll It වැනි ජනප්‍රිය ක්‍රීඩා HTML 05 භාවිතා කර ඇති ගොඩනගා ඇති ක්‍රීඩා සඳහන් නිදසුන් සපයයි.

4. Java Script

Java-script අනුව interactive online game නිර්මාණය කිරීම සඳහා උචිත programming language එකකි. එය CSS සහ HTML වැනි වෙබ් තාක්ෂණයන් සමග ඒකාබද්ධ වන අතර Cross-platform mobile game සංවර්ධනයට ඉඩ සලසයි.

Java-script භාවිත කර නිර්මාණය කරන ලද ජනප්‍රිය ක්‍රීඩා සඳහා උදාහරණ ලෙස

Hangman

HexGI

Little Alchemy

Swoop

Polycraft

Sketchout

CrossCode

Bejeweled

The Wizard

New Super Resident Raver

හඳුන්වා දිය හැක.

5. Python

බොහෝ සෙයින් ජනප්‍රිය නොවුනද python ද game development සඳහා භාවිත කරයි. PyGame library මගින් ක්‍රීඩා සංවර්ධකයින්ට ක්‍රීඩා ගොඩනැඟීමට අවශ්‍ය පහසුකම් සලසා දෙයි. python ද OOP මූලධර්ම මත පදනම් වේ.

Battlefield 2, Disney’s Toontown Online, Eve Online and Frets on Fire යන ක්‍රීඩා python භාවිත කරමින් නිර්මාණය කරන ලද ක්‍රීඩා සඳහා නිදසුන් සපයයි.

6. Unreal Script

Unreal Script යනු Unreal Engine විසින් සංවර්ධනය කරන ලද programming language එකකි. Microsoft windows, Android, Linux සහ Playstation වැනි ප්‍රධාන gaming platforms unreal script භාවිත කරයි.

Unreal Script භාවිත කර සංවර්ධනය කර ඇති ජනප්‍රිය ක්‍රීඩා අතරට America’s Army, The Wheel Of Time, Batman- Arkham Knight වැනි ක්‍රීඩා ඇතුළත් කළ හැක.

7. Lua

Lua යනු multi-platform programming language එකකි. මේ නිසා එය ක්‍රීඩා සංවර්ධනය පහසු මෙන්ම කාර්යක්ෂම කරයි. Gideros mobile, Corona SDK, CryEngine වැනි game engine ඒවායේ මූලික programming language ලෙස Lua භාවිත කරයි.

Age of Conan, American Girl, Angry Birds, and Aquaria යනු Lua භාවිත කර සංවර්ධනය කරන ලද ජනප්‍රිය ක්‍රීඩා කිහිපයකි.

8. C#

C# හි XNA Framework මගින් windows සහ Xbox මත ක්‍රීඩා ගොඩනැගීම සිදු කළ හැක. එමෙන්ම C# හි game engine Unity 3D සහ Xamarin මගින් iOS, Android, PlayStation සහ windows වැනි සියලුම platform වල ක්‍රීඩා සංවර්ධනය කිරීමට සංවර්ධකයින්ට හැකියාව ලබාදෙයි.

Pokemon Go සහ Mario Run C# භාවිත කර සංවර්ධනය කරන ලද ක්‍රීඩා අතරින් කිහිපයකි.

පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ ලා මෙම programming languages ජනප්‍රියත්වයට පත්වීමට හේතු සාධක මේ අනුව පැහැදිලි වේ.

Video Game Development Resources

ඔබට වීඩියෝ ක්‍රීඩා නිර්මාණය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අවශ්‍ය නම් ඔබට මෙම resources ප්‍රයෝජනවත් විය හැකියි.

CS50’s Introduction to Game Development

Unity Learn

Game Design Resources

Code With Google

සටහන - තරංගා රත්නායක