Database Management System ඔබට අවශ්‍ය දත්ත සමුදායන් සංවිධානය කිරීමට හා කලමණාකරණය කිරීමට උපයෝගී වේ. වර්තමාන වෙළඳපොළේ 300 කට අධික DBMS පවතී. Relational සහ Non-relational database වශයෙන් ඇති විවිධ විකල්ප අතුරින් ඔබගේ ව්‍යාපාරයට හෝ මෘදුකාංග යෙදුමට ගැලපෙනම DBMS එක තෝරා ගැනීම එහි සාර්ථකත්වයට සෘජුවම බලපායි. එම නිවැරදි DBMS එක තෝරා ගැනීමේ සංකීර්ණ ක්‍රියාවලියේදී සලකා බැලිය යුතු මූලික කරුණු කිහිපයක් පිළිබඳව අප මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
ඔබ භාවිතා කරන දත්ත වල ව්‍යුහය සලකා බැලීමෙන් Relational හෝ NoSQL database ඔබගේ අවශ්‍යතාව සඳහා යොදාගත හැක. Relational database බොහෝ කාලයක පටන් භාවිතා වන අතර වර්තමානයේදි NoSQL database වඩා සාර්ථකව ඇත.
Relational database ස්ථාවර හා පෙර හඳුන්වාදුන් ආකෘති යටතේ දත්ත ගබඩා කරයි. එනම්, ආරම්භයේදීම ඔබ යොදාගන්නා දත්ත වල ආකෘතිය (schema) වගු සහ තීරු අනුව හඳුන්වාදී තිබිය යුතුයි. එසේම, අවශ්‍යතාවයන් වෙනස්වන සෑම අවස්ථාවකදීම schema එක වෙනස් කිරීමට relational database වලදී ඔබට සිදු වේ.
නමුත්, NoSQL database භාවිතා කිරීමේදී ආරම්භයේදි දත්ත ආකෘතිය හඳුන්වාදීම අවශ්‍ය නොවේ. එසේම, මෙහිදී ගබඩා කළ යුතු දත්ත වර්ග සඳහා සීමාවන් නොමැත. තවද, ඔබගේ අවශ්‍යතාවන් වෙනස්වන විට නව ආකාරයේ දත්ත භාවිතා කිරීමට ද හැකියාව පවතී. NoSQL database දත්ත හැසිරවීමේදි වඩා පහසුකම් සලසයි.
මෙයින් අදහස් කෙරෙනුයේ රැස් කරගන්නා ලද දත්ත ස්ථාවරව පවත්වා ගැනීමයි. දත්ත එක්රැස් කිරීමට යොදාගන්නා මූලාශ්‍ර ප්‍රමාණය වැඩිවන විට ඒ පිළිබඳ සලකා බැලීම වඩා වැදගත් වේ. නව DBMS තෝරා ගැනීමේදි අනුකූලතා රීති හා ඒවා නැවත හඳුන්වාදිමට ඇති හැකියාවද විමසා බැලිය යුතුයි.
අවශ්‍ය ඕනෑම අවස්ථාවක දත්ත ලබා ගැනීමේ හැකියාව සාර්ථක ව්‍යාපාරයක මූලික අංගයක් වේ. දත්ත backup කිරීම හා restore කිරීමට ඇති පහසුකම ඔබ තෝරා ගන්නා DBMS එක සඳහා සලකා බැලිය යුතු අත්‍යාවශ්‍ය සහ වැදගත් අංගයකි. එසේම, ඔබගේ දත්තවල ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රම සහ විධි පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳවද විමසා බැලිය යුතුයි.
DBMS එකක් තෝරාගැනීමේදි සලකා බැලිය යුතු තවත් වැඩගත් සාධකයක් වනුයේ එය ඔබගේ ව්‍යපෘතිය සඳහා භාවිතා කරන අනෙකුත් උපාංග සහ සේවාවන් සමඟ ඒකාබද්ධ කිරීමට ඇති හැකියාවයි. තවද, ඔබ තෝරාගන්නා DBMS එකට බහු පරිශීලකයන් විසින් එකවර ප්‍රවේශ වීම සඳහා ඉඩ ලබාදිය යුතුයි.
ඔබගේ ව්‍යාපෘතිය සඳහා යොදාගන්නා දත්තවල ප්‍රමාණය මත ඔබ තෝරාගත යුතු DBMS එක රඳා පවතී. එම දත්ත ප්‍රමාණය කාලයත් සමඟ වර්ධනය වන්නේ නම් සීමවන් රහිත දත්ත ගබඩා කල හැකි තාක්ෂණයක් ඔබ විසින් තෝරාගත යුතුයි. එසේම, තත්පරයකදී සිදුකල හැකි දත්ත හුවමාරු ප්‍රමාණය පිළිබඳව ද සලකා බැලීමට වගබලා ගත යුතුයි.
ව්‍යාපාරයක් සලකා බලන විට විවිධාකාරයේ පරිශීලකයන් විසින් DBMS එක භාවිතා කරනු ලබයි. කුමන ආකාරයේ පරිශීලකයෙකු වුවද පහසුවෙන් DBMS එක භාවිත කිරීමට හැකිවන පරිදි පරිශීලක හිතකාමී පද්ධතියක් තිබීම වඩා යෝග්‍ය වේ. තවද, පරිශීලකයාගේ තනතුර අනුව DBMS එකට ප්‍රවේශ වීමට සීමාවන් පැනවීමට හැකිවීම ද තවත් අංගයකි.
ඔබ තෝරා ගන්නා DBMS එක ඔබගේ අවශ්‍යතාවන් සහ අදාළ සියලු කාර්යයන් ඉටු කිරීමට සමත් විය යුතුයි. දත්ත උපුටා ගැනීම සහ වෙන් කිරීම, තීක්ෂණ බුද්ධිය සහ විශ්ලේෂණය, ඛණ්ඩනය සහ ආකෘති නිර්මාණය, ස්වයංක්‍රීකරණය, උපාය මාර්ග පුරෝකථනය කිරීම, ප්‍රතිඵල දෘශ්‍යගත කිරීම, ප්‍රචාරක සැලසුම් සකස් කිරීම හා ROI කළමණාකරණය එම ක්‍රියාවලීන් අතුරින් කිහිපයකි.
DBMS එකක් තෝරා ගැනීමේදි සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් වනුයේ එහි පිරිවැයයි. ඔබගේ අවශ්‍යතාවන්ට සහ නියමිත ක්‍රියාවලීන් සිදු කළ හැකි පද්ධතියක් සඳහා මුදල් යෙදවීමට ඔබ වග බලා ගත යුතුයි. ඔබගේ අවශ්‍යතාවන් ඉටු කර ගැනිමට නොහැකි පද්ධතියක් සඳහා මුදල් යෙදවීමෙන් මෙන්ම ඔබට අවශ්‍ය නොවන ක්‍රියවලින් සහිත පද්ධතියක් සඳහා අධික මුදලක් යෙදවිමෙන් ඔබ වැළකි සිටිය යුතුයි.
එසේම, DBMS එක තෝර ගැනිමේදි එය ස්ථාපිත කරනු ලබන ආකාරය පිළිබඳව ද සලකා බැලිය යුතුයි.
ඔබ තෝරා ගන්නා DBMS එක භාවිතා කිරිමේදි මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සපයනු ලබන ආයතන හෝ සේවාවන් තිබේ දැයි විමසා බැලිය යුතුයි. තවද, ඔබ තෝරා ගන්නා DBMS එක සඳහා අනාගතයේ නැගි එන තාක්ෂණයන් සමඟ වර්ධනය වීමට හැකි සංවර්ධන සැලසුමක් තිබේ දැයි තහවුරු කරගත යුතුයි.
DBMS එක සඳහා භාවිතා කරන දත්ත වර්තමානයට ගැලපෙන සහ ස්ථාවර දත්තයන් වීමට ඔබ තෝරගන්නා DBMS දිනපතා හෝ සතිපතා වශයෙන් යාවත්කාලීන කිරිමට හැකි විය යුතුයි. එසේම, ස්වයංක්‍රිය යවත්කාලීන පහසුකම්ද තිබිය යුතු අතර නව පිටපත් (versions) නව විශේෂාංග වලින් සමන්විත විය යුතුයි. තවද එය විධිමත් ස්ථාපන පහසුකම් සැපයිය යුතු අතර අවම පුහුණුවක් සහිතව සහ පරිශීලකයාගේ අවශ්‍යතාවය අනුව හැසිරවිමට හැකි විය යුතුයි.
සටහන - බුද්ධිනී කොළඹගේ