තාක්ෂණ ලෝකය වෙන කවරදාකටත් වඩා වේගයෙන් ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතාවලට වෙනස් වෙමින්, පරිණාමය වෙමින් සහ අනුගත වෙමින් පවතී. පසුගිය කෙටි කාලයේ දී පවා software development වල විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදු වී ඇති බව හඳුනාගත හැකි ය. උදාහරණ ලෙස multiplatform user interface development (UI) , native analytics modules , AI- first development , human behavior modeling වැනි ආකෘති නිර්මාණය දැක්විය හැකි ය.
මෙම software development ක්‍රියාවලියේ පැහැදිලි හා ශක්තිමත් රැකියා දැක්මක් ඇති බව මනාව පෙනී යයි. ඒ අනුව සීඝ්‍රයෙන් රැකියා වෙළඳපොළෙහි දොරටු විවර කරගැනීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන අතර පරිගණක සහ තොරතුරු පර්යේෂණ විද්‍යාඥයන්, පරිගණක ජාල ගෘහ නිර්මාණ ශිල්පීන්, පරිගණක පද්ධති විශ්ලේෂකයන්, පරිගණක ක්‍රමලේඛකයින් වැනි වෘත්තිකයින් වේගයෙන් බිහි වනු ඇත.
එලෙස අනාගතයේ දී ලෝකයේ සිදුවන තාක්ෂණ පෙරළියෙහි පෙර ගමන්කරුවන් programming language පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. programming හරහා සමාජයේ පවතින සියලුම යන්ත්‍ර ක්‍රියාත්මක වේ. Smartphone එකේ සිට heart monitor දක්වා සෑම දෙයක්ම programming හරහා පරිගණකගත කර ඇත . Software developer කෙනකුගේ කාර්යභාරයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස programming language ඉගෙනීම හා භාවිතා කිරීම හඳුනා ගත හැකිය.
අනාගතයේ පවතින programming language ලෙස Go, Kotlin, python, TypeScript, R, Scala, Swift, Rust, Ruby සහ Haskell දැක්විය හැකි ය .මෙම programming language වල ප්‍රවීණතාවය උසස් කුසලතා සහිත වෘත්තිකයෙකුගේ තාක්ෂණික හැකියාවන් ඉහළ නංවන අතර රැකියා අවස්ථා පුළුල් කර ගත හැකි මාර්ගයක් ලෙසද පෙන්වා දිය හැකි ය . ඇතැම් programming language ඉතාමත් අපහසු වන අතර ඒවා පිළිබඳ ප්‍රවීණතාවයක් ඇති පුද්ගලයින්ට රැකියා වෙළෙඳපොළ තුළ ඉහළ වටිනාකමක් හිමිවේ. එක් එක් language සඳහා විශේෂිත වූ සුදුසුකම් ලත් වෘත්තිකයින් කුඩා ප්‍රමාණයක් සිටින බැවින් ඔවුන්ගේ වටිනාකම අනුව ඉහළ වැටුපක් ද ලබාගත හැකිය.
programming languages වල අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අනාගතයේදී කුමන ආකාරයේ තාක්ෂණික විප්ලවයක් සිදු වේ දැයි අපට නිගමනය කළ නොහැකි වුවද අනාගත programming language වලට තිබිය යුතු වැදගත් අංග කිහිපයක් අපට අනුමාන කළ හැකිය. ඒවා පහත පරිදි දැක්විය හැකිය.
වර්තමානයේ පවතින apps හා tools, එකිනෙකා සමග මෙන්ම වෙනත් databases සමග ද නිතර හුවමාරු කරගත යුතු බැවින් නවීන programming language වලට Easy API calls තිබිය යුතුය.
programming language එකක automation ආධාරයෙන් අවශ්‍ය කාර්යයන් සරලව කළ හැකි අතර දෝෂ සඳහා පරික්ෂා පරීක්ෂාකිරීමට, code වේගයෙන් ඵලදායි අයුරින් යෙදවීමට ද හැකිය.
බොහෝ සාර්ථක programming language ඕනෑම දෙයක් සඳහා භාවිතා කළ හැකි නමුත් අපගේ අවශ්‍යතා වඩාත් සංකීර්ණ වූ විට ඒවා භාවිතා කිරීමේ ගැටලු මතුවිය හැකි අතර ඒ සඳහා special purpose language තිබීම වැදගත් වේ.
අනාගතයේ දී සෑම පුද්ගලයෙකුම programmer කෙනෙක් විය හැකි අතර ඔවුන්ට පහසුවෙන් programming language ඉගෙන ගැනීමට Easy learning curve එකක් තිබිය යුතුය.
programming language වල මූලික අරමුණ වූයේ coding සඳහා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමක ව්‍යුක්තකරණයක් ඇති කිරීමයි. අනාගතයේ දී මෙය තවදුරටත් ඉහළ මට්ටමකට programming language හරහා ගෙන යා හැකිය.
අනාගතයේ දී අප කුමන ආකාරයේ උපාංග නිර්මාණය කරාවි ද යන්න නිගමනය කළ නොහැකි අතර එය කෙසේ වුවද ඕනෑම උපාංගයක් සෑදීම සඳහා programming languages නම්‍යශීලී විය යුතු ය.
කෙසේ වුවද programming language අනාගතයේ කිසි විටෙකත් ලෝකෙන් තුරන් නොවන අතර එය තවදුරටත් පරිණාමය වෙමින් ක්‍රමානුකූලව පුළුල් වනු ඇත. දශක ගණනාවක් තිස්සේ සංවර්ධකයින් නව මෙවලම් තැනීමට හා coding ක්‍රියාවලිය විධිමත් කිරීමට programming language භාවිතා කර ඇත. Programing language වල දියුණුව සහ software සංවර්ධනය අපට තාක්ෂණික ක්‍රියාවලියේ දායකත්වයන් පුළුල් කිරීමට උපකාරී වී ඇත. ව්‍යාපාර වඩාත් කාර්යක්ෂම වී ඇත. මිනිසුන් වඩා ඵලදායි වී ඇත.ඔවුන් වෙන කවරදාකටත් වඩා විනෝදාස්වාදයක් ලබා ඇත. සුරක්ෂිත මුදල් හුවමාරුවක් ඇතුළුව අපගේ ආර්ථික යටිතල ව්‍යුහයේ මූලික අංග ප්‍රතිනිර්මාණය කර ඇත. Programming language තවදුරටත් නවීකරණය වෙමින් ලෝකය තුළ පුළුල් වී පැතිරී යනවා මිස අභාවයට නොයනු ඇත. එය මිනිසුන්ගේ ජීවන රටාව තව තවත් පහසු කිරීමට දායක වනු නොඅනුමානය.
සටහන - අයේෂා අතුකෝරල