ආකර්ෂණීය විද්‍යුත් තැපැල් අත්දැකීමකට පිවිසෙමු.

July 16, 2021 | Himasha Dasanayake

වත්මන් ලෝකය පුරා විසීරි සිටින ජනයා අතුරින් බිලියන දෙකකට ආසන්න පිරිසක් Google මගින් ලබා දෙන වෙබ්මේල් සේවාව භාවිතා කරති.

මුල් කාලයේ දී විද්‍යුත් තැපල් පරිශීලකයන් හට විද්‍යුත් තැපැල් පරීක්ෂා කිරීම, පණිවිඩ සැකසීම, draft එකක් ලෙස සුරකීම සහ පණිවිඩ යැවීමට පමණක් සීමා විය. පසුව බ්‍රව්සරය මත පදනම් වූ වෙබ්මේල් පැමිණීමත් සමඟ මෙම තත්වය වෙනස් විය. Gmail සතුව ඇති ගති ලක්ෂණ නිසා එය භාවිතය වඩාත් ආකර්ෂණීය අත්දැකීමක් ලබාදීමට අවස්ථාව උදා කර තිබේ. එයින් ගති ලක්ෂණ කීපයක් පහත දක්වා ඇත.

1. පණිවිඩයක් යැවීමෙන් පසුව වුවද එය නැවත අහෝසි කිරීමේ හැකියාව.

මෙමඟින් වැරදීමකින් යවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයක් undo කල හැකිය. නමුත් මෙම undo කිරීමේ කාර්යය කීරිමට ඇත්තෙ තත්පර පහක කාල සීමාවක් පමණි. අවශ්‍ය නම් ඉදිරියේදී සිදුවන වැරැද්දක් undo කිරීමට එම කාලය තත්පර 5 සිට 10,20 හෝ 30 දක්වා වැඩි කරගත හැකිය. පහත දක්වා ඇත්තේ එය සිදු කරන ආකාරයයි.


Gear icon -> settings -> general -> undo send -> drop down menu -> change the time


2. විද්‍යුත් තැපැල් පණිවිඩ අවශ්‍ය පරිදි filter කර භාවිතා කිරීමේ හැකියාව.

විද්‍යුත් තැපල් පණිවිඩ fliter කිරීමෙන් අනවශ්‍ය පණිවිඩ ගොඩගැසීම වලක්වා ගත හැක. ඒවාගේම අවශ්‍ය පණිවිඩ තෝරාගෙන ඒවායේ වෙනස්කම් සිදු කිරිම් ද කල හැකිය. ඒ සදහා අනුගමනය කළ යුතු පියවර පහත පරිදි වේ.


Gear icon -> settings -> filters and block address tab -> create new filter -> enter key words ( උදා: යවන්නාගේ නම ඇතුලත් කර filter කිරීම.)


Filter කිරීමෙන් gmail පණිවිඩ මකා දැමීම, achieve කිරීම, කියවීම, වැදගත් ඒවා සලකුණු කිරීම යනාදිය කල හැකි ය.


3. Log out වීමට ඇති හැකියාව.

දැනට log වී ඇති උපාංග බැලීමට සහ ඉවත් වීමට Gmail ඉඩ ලබා දෙයි. Gmail පිටුවේ පහළට scroll කල විට පහල ඇති details යන සබැඳියාවට ගිය පසු ඔබ දැනට ඔබගේ gmail ගිණුමට log වී ඇති සෑම උපාංගයක්ම පෙන්නුම් කරනු ඇත. එහි තිබෙන සියලුම උපාංග වලින් ඉවත්වෙන්න යන ලේබලය සහිත බොත්තම click කිරීමෙන් අනෙක් සියලුම උපාංග වලින් gmail ගිණුම log out වනු ඇත.

එහෙත් කෙතරම් පහසුකම් තිබුණ ද විද්‍යුත් තැපෑල භාවිතයේ ආචාර විධි නොපිලිපදින්නේ නම් එම පහසුකම්වල නිසි ප්‍රයෝජනය නොලැබී යයි. ඔබේ විද්‍යුත් තැපැල් හැසිරීම නිසා පුද්ගලිකව සහ වෘත්තීය වශයෙන් ඔබේ කීර්තිය කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඇත. විද්‍යුත් තැපැල් ආචාර විධි පරිපූර්ණ කිරීම වැදගත් වන්නේ එබැවිනි.


1. පොදු කරුණු පමණක් සාකච්ඡා කරන්න.

ඔබ සාකච්ඡා කරන කරුණු එය දැකගත හැකි සියල්ලන්ටම දැකගැනීමට සුදුසු විය යුතුය. පෞද්ගලික කරුණු හෝ පෞද්ගලික මතවාදයන් මෙම තැපැල් මගින් හුවමාරු කරගැනීම නොකළ යුතුය.


2. තමාව කෙටියෙන් හඳුන්වා දෙන්න.

අප විසින් යවන විද්‍යුත් තැපෑල ලැබු පුද්ගලයා අප කවුදැයි දන්නා කෙනෙක් වූවද නොදන්නා කෙනෙක් වූවද අප කවුරුන්ද යන්න පිළිබඳ සරල මතක් කිරීමක් ඇතුළත් කිරීම කල යුතුය.


3. ආවේගශීලී නොවීම.

අසුභ ආරංචියක් සහිත gmail යැවීම, යමෙකුට තරවටු කිරීම, gmail මගින් වෙනත් පුද්ගලයින් අපකීර්තියට පත් කිරීම කිසිසේත්ම නොකල යුතුය.


4. රහස්‍ය තොරතුරු යැවීමේදී ප්‍රවේශම් වන්න.

යමෙකුගේ බදු තොරතුරු හෝ ඉහළ සංවේදී ව්‍යාපාරික ගනුදෙනුවක තොරතුරු වැනි දෑ ඊමේල් හරහා සාකච්ඡා කිරීමෙන් වළකින්න. විද්‍යුත් තැපෑල වැරදි පුද්ගලයෙකුගේ අතට පත්වුවහොත් ඔබට බරපතල මෙන්ම නීතිමය අයුරින් පවා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකිය.


5. කාලෝචිත ආකාරයකින් ප්‍රතිචාර දක්වන්න.

හදිසි වැඩ කටයුත්තක නොයෙදෙන අයෙක් නම් විද්‍යුත් තැපෑලෙහි සහ යවන්නාගේ ස්වභාවය අනුව පැය 24 ත් 48 ත් අතර කාලයක් තුළ ප්‍රතිචාර දැක්වීම කල හැකිය.


6. සාමාන්‍ය දෙබසක් ආකාරයට සංවාදයක් ගොඩනැගීමෙන් වළකින්න.

"ස්තූතියි" වැනි කෙටි වාක්‍ය වලට නොගොස් අවශ්‍ය කරුණු සංක්ෂිප්තව ඉදිරිපත් කිරීම පමණක් කල යුතුය. ඔබ නැවත ප්‍රතිචාරයක් අපේක්ෂා නොකරන විට විද්‍යුත් තැපෑලෙහි ඉහළින් “පිළිතුරක් අවශ්‍ය නොවේ” යනුවෙන් සඳහන් කිරීම සුදුසු වේ.


7. කෙටි වචන භාවිතා කිරීමෙන් වළකින්න.

යහලුවන් අතර කතාබහේදී භාවිතා වන ආකාරයේ කෙටි වචන සහ emojies වෘත්තීය මට්ටමේ ඊමේල් සදහා සුදුසු නොවේ. ඉහත සඳහන් දේවල් කිරීම නිසා ඔබට වෘත්තීය මට්ටමට වඩා අඩු පෙනුමක් ලබා දිය හැකිය.


8. Subject එකක් දැමිමට වගබලාගන්න.

ඇතැම්විට අප විද්‍යුත් තැපැල් පණිවිඩය යවන පුද්ගලයාට දිනකට විද්‍යුත් තැපැල් සිය ගණනක් ලැබෙනවා විය හැකියි. එම නිසා subject එකක් දැමීම යන කාරණයට ලඟාවීම ඉතා වැදගත්ය. එය සරල විය යුතු අතර ඔබ ලියා ඇති දේ විස්තර කළ යුතුය. එමෙන්ම අන්තර්ගතය හුරුබුහුටි හා පැහැදිලි වීම තුල එය ලබන්නාට පහසුවක් වේ.


9. විශාල ඇමුණුම් (large attachments) යවන විට අනතුරු ඇඟවීමක් (warning) කරන්න.

ප්‍රකාශයට පත් නොකළ විශාල ඇමුණුම් යැවීමෙන් ග්‍රාහකයාගේ එන ලිපි අවහිර විය හැකි බැවින් ලබන්නා දැනුවත් කරන්න.


10. පෞද්ගලිකත්වය පවත්වා ගන්න.

ඔබ පුද්ගලයින් පිරිසකට පණිවිඩයක් යවන්නේ නම් සහ ඔබේ ලැයිස්තුවේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය නම්, ඔබ සැමවිටම "Bcc" භාවිතා කළ යුතුය. ඊට අමතරව, තෙවන පාර්ශවයකට විද්‍යුත් ලිපින ලබා දීමෙන් වැළකිය යුතුය.


11. ඔබගේ විද්‍යුත් තැපැල් සුබපැතුම් සහ අත්සන් කිරීම ඔබ සන්නිවේදනය කරන පුද්ගලයාගේ ගෞරවය හා විධිමත්භාවයට අනුකූල ව කිරීම.

ඔබ සමඟ සම්බන්ධ විය හැකි ආකාර (දුරකතන අංකය/ලිපිනය/සමාජ මාධ්‍ය තොරතුරු), ඔබගේ විද්‍යුත් තැපැල් අත්සන ආදිය ඇතුලත් කිරීම මගින් මිනිසුන්ට ඔබ ගැන වැඩි විස්තර දැනගැනීමට පහසු වනු ඇත. අවශ්‍ය විට ස්වයංක්‍රීය ප්‍රතිචාරයක් භාවිත කිරීමද සළකා බැලිය යුතු feature එකක් වේ.

ඒ අනුව නිසි ලෙස විධිමත් ආචාර විධි පුරුදු කිරිම සහ විද්‍යුත් තැපෑලෙන් සපයාදෙනු ලබන පහසුකම් පිළිබද දැනුවත් වීමෙන් ඔබට එහි ඵල නියමාකාරයෙන්ම නෙළා ගැනීමට හැකියාව ලැබෙනවා සේම තවත් එක් සුන්දර විද්‍යුත් තැපෑල් අත්දැකීමටද දොරටුවක් විවෘත වෙනු ඇත.


සටහන - හිමාෂා දසනායක