පරිගණක විද්‍යාව සහ ගණිතය

November 19, 2021 | Anne Chamalka

ගණිතය සහ පරිගණක විද්‍යාව අතර ඉතාම සමීප සම්බන්ධතාවයක් පවතින අතරම පරිගණක විද්‍යාව සඳහා ගණිත කරුණු අවබෝධ කරගෙන තිබීම අත්‍යවශ්‍ය වේ.

පරිගණක විද්‍යාව සඳහා අවශ්‍ය වන වියුක්ත භාශා හැසිරවීම, ඇල්ගොරිතම භාවිතය, තර්කන හැකියාව සහ ප්‍රායෝගික ගැටලු සඳහා නිවැරදිව විසඳුම් නිර්මාණය යනාදී නිපුණතා ප්‍රවර්ධනය කරගැනීමට ගණිතය ඉවහල් වේ.

මෙසේ පරිගණක විද්‍යාවේදී භාවිත වන ගණිතයේ ආකාර 5 ක් හඳුනාගත හැකිය.

ඒවා නම්:

1. Binary Math

2. College Algebra

3. Statistics

4. Calculus

5. Discrete Math වේ.

1. Binary Math

පරිගණකය තුළ සියලුම දත්ත සංකේතවත් කරනුයේ ද්වීමය (binary) සංඛ්‍යා පද්ධතියක් භාවිතයෙනි. මේ නිසා Binary Math පිළිබඳව නිවැරදි අවබෝධයක් පැවතීම පරිගණක විද්‍යාව ගැඹුරින් හා නිවැරදිව අධ්‍යනය කිරීමට අමතර සුදුසුකමක් වේ. දශමය සංඛ්‍යා පද්ධතිය භාවිතයට විකල්පයක් ලෙස ද්වීමය සංඛ්‍යා පද්ධතිය යොදාගැනීමෙන් පරිගණක පද්ධතිය නිර්මාණය හා ක්‍රියා කරවීම පහසු කර ඇත.

2. College Algebra

පරිගණක විද්‍යාවේදී අත්‍යාවශ්‍ය වන algorithm development සහ software development සඳහා පාදක වන ගණිතමය කරුණු අවබෝධ කර ගැනීමට වීජ ගණිතය භාවිතා වේ. College Algebra මගින් algebraic relationships, ප්‍රස්තාර සහ ශ්‍රිත පිළිබඳව අවධානය යොමුකරයි. එමනිසා පරිගණක විද්‍යාව හදාරන College Algebra පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයෙකුට scientific computation සහ numeric programs පහසුවෙන්ම අවබෝධ කර ගැනීමටද පුහුණුවීමට ද පහසුවක් සැලසේ.

4. Statistics

Statistics නොහොත් ස්ථිථිකය පරිගණක විද්‍යාවේ මූලිකාංගයක් වේ. මන්ද පරිගණක විද්‍යාව data mining, speech recognition, vision and image analysis, data compression, ඇතුළු තවත් බොහෝ සංකල්ප ක්‍රියාවේ යෙදවීම සඳහා භාවිතා වන බැවිනි. කිසියම් අධ්‍යනයකින් දත්ත ලබාගෙන ඒවා හැදෑරීම, සමාලෝචනය සහ එමගින් නිගමන වලට එලඹීමට මෙය හදාරන අය පුහුණුවක් ලබාගනී. මෙම ගණිත කරුණු පරිගණක විද්‍යාව සම්බන්ධ කටයුතුවල යෙදවීමේදී පරීක්ෂණාත්මක හෝ සත්‍ය දත්ත මත quantified models, representations සහ synopses වැනි ක්‍රියාවලි අවබෝධ කරගැනීමට පදනම සැලසේ.

4. Calculus

Calculus වර්ග 2 ක් පවතී. Differential Calculus සහ integral Calculus යනු එම වර්ග දෙක වේ. Differential Calculus, කිසියම් මිනුමක් කාලය සමග වෙනස් වීමේ සීඝ්‍රතාව සම්බන්ධ මිනුමක් වන අතර integral Calculus සීඝ්‍රතාව දන්නා විට එයට අදාළ ප්‍රමාණය නිර්ණය කිරීමට ද භාවිතා වේ. මෙසේ පරිගණක විද්‍යාවේදී අවශ්‍ය වන ප්‍රස්තාර නිර්මාණය, සමාකරණය, ගැටලු වලට විසදුම් නිර්මාණය කිරීම සහ ඇල්ගොරිතම නිර්මාණය සහ විශ්ලේෂණය වැනි කුසලතා වර්ධනය කරගැනීමට Calculus හි අධ්‍යනය කරනු ලබන ගණිත කර්ම ඉවහල් වේ.

5. Discrete Mathematics

මෙය බොහොමයක් තාත්වික ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට අවශ්‍ය වන විවිධාකාර මාතෘකා රැසක් අඩංගු ගණිත ආකාරයකි. මෙහි ගණිතමය මූලධර්ම, ගණනය, සම්භාවිතාව, graph theory, number theory සහ පුනරාවර්තන වැනි ගණිතමය කරුණු හැදෑරිය හැකිය. Discrete Math, ඇල්ගොරිතම, පරිගණක පද්ධති, databases, computer architecture, ජාල පද්ධති සහ තවත් බොහෝ පැතිකඩ යන් හීදී භාවිත වන බැවින් පරිගණක විද්‍යාව භාවිත වන යෙදවීම් සඳහා Discrete Math අතිශය වැදගත් පදනමක් සපයන බව පැහැදිලි වේ.

ගණිතයේ පවතින Binary math, College algebra, Statistics, Calculus සහ Discrete math යන ගණිත ක්‍රම අධ්‍යනය කිරීමත් මේ පිළිබඳ මනා අවබෝධයකින් පරිගණක විද්‍යාව හැදෑරීම ආරම්භ කිරීමත් පරිගණක විද්‍යාව තුළින් තම අනාගතය ගොඩ නැගීමට බලාපොරොත්තු වන සැම කෙනෙකුටම පහසුවක් වනු ඇත.

සටහන - ඈන් චමල්කා