CamStudio ඔබගේ පරිගනකයේ ඇති සියලුම තිර හා ශබ්ධ පටිගතකර ගුණාත්මකභාවයෙන්යුතු AVI වීඩියෝපට ලබාදෙන අතර මෙහි එන SWS නිර්මාණකය හරහා එම වීඩියෝපට අන්තර්ජාලයෙන් නැරඹිය හැකි වීඩියෝපට බවට පත්කර ලබාදෙයි. මෙම මෘදුකාංගය C++ මගින් ගොඩනගා ඇති නමුත්, CamStudio 3 C# මගින් වැඩිදියුනුවේ.
ආරම්භයේදී CamStudio මෘදුකාංගය RenderSoft Software නම් ආයතනයෙන් open source software එකක් ලෙස 2001 ඔක්තෝබර් මාසයේදී එලිදක්වා ඇත. 2003 දී මෙම මෘදුකාංගය eHelp Corporation ආයතනය ලබාගත් අතර ඔවුන් වැඩිදියුනුකල පිටපතක් ලෙස CamStudio 2.1 එලිදක්වන ලදි.
CamStudio 3 2010 දී සම්පූර්නයෙන්ම නැවත ගොඩනගනලද අතර වර්තමානයේ ස්ථායී පිටපත ලෙස CamStudio 2.7.4 (2016) පවතී.
• අධයාපනික වීඩියෝ පටිගතකරගැනීමට
• පාසලේ හෝ වෙනත් ආයතනයක tutorials සෑදීමට
• වෙළද භාන්ඩ ප්‍රවර්දනයට
• පරිඝනකයේ දෝෂ පටිගතකර තබාගැනීමට
• තිරයේ එක් කොටසක් පමනක් පටිගතකරගැනීමට
CamStudio මගින් ඉහල ගුණාත්මකභාවයකින් යුතුව තිරය ග්‍රහනයකර ලබාදෙන අතර anti-aliased (pixel වල edges සිනිදුකිරීම) මගින් හා තවත් විශාල පහසුකම් රැසක් ලබාදෙයි. එමෙන්ම මෙම මෘදුකාංගය ඔවුනට ආවේනික lossless codec එකක් මගින් පැහැදිලි වීඩියෝවක් අනෙක් මෘදුකාංගවලට සාපේක්ශව අඩු filesize එකකින් ලබාදෙයි.
අවසන් ප්‍රතිඑලයේ සම්පූර්න පාලනය පරිශීලකයාට ලබාදෙන මෙම මෘදුකාංගයෙන් ඔබට අවශ්‍යයලෙස cursor එක වෙනස්කිරීමට හෝ තිරයේ අවශ්‍ය කොටසක් පමනක් පටිගතකිරීමද කලහැක. වීඩියෝපටයේ ප්‍රමානය හා ගුණාත්මකභව පරිශීලකයාට අවශ්‍ය ලෙස වෙනස් කලහැකි අතර CD/DVD තැටියකට දැමීමට අවශ්‍යලෙස “Best Quality” ලෙසද Email කිරීමට අවශ්‍යනන් සාමාන්‍යය quality එකකින්ද ලබාගතහැක.
මෙම මෘදුකාංගයේ ඇති තවත් විශේෂයක්වන්නේ භාවිතයේ ඇති පහසුවයි. මිනිත්තු කිහිපයකින් ඉගෙනගතහැකි පහසු අතුරුමුහුනතක් මෙහි ඇති අතර පරිශීලකයාගේ ගැටලුවලට පිලිතුරු සැපයීම සදහා ‘help’ පිටුවක්ද සපයා ඇත.
OBS සහ ,VLC Media Player වැනි විවෘත මූලශ්‍ර මෘදුකාංගවලට සාපේක්ශව CamStudio ඉතා සරල භාවිතයට පහසු මෘදුකාංගයක් වන අතර පරිශීලකයාට පහසුවෙන් හදුනාගතහැකි අතුරුමුහුනතකින් සමන්විතය.
මෙම මෘදුකාංගය පරිශීලකයා අතර වඩාත් ප්‍රචලිතවීමට සුවිෂේශී විශේශාංග 4ක් මුල්වී ඇත.
සටහන - කාංචන තෙන්නකෝන්